Print this Article


පූජාච පූජනීයානං

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නා හිමි

ජාතික, ආගමික, ශාසනික, අධ්‍යාපනික උදාර සේවාවක් සිදු කළ මෙයට තෙමසකට පෙර අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි ගුණානුස්මරණය කිරීමේ පින්කම ජූනි 21 වෙනි දින උදේ 10 සිට සවස 4.00 දක්වා කටුගස්තොට බෞද්ධ මණ්ඩලශාලාවේ දී පැවැත්වේ. මෙම සමරුවේදී මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් විශේෂ ගුණසමරු දේශනයක්ද පවත්වනු ඇත. තෛ‍්‍රනිකායික මහනායක, අනුනායක හිමිවරු මහා සංඝරත්නය සියක්නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පිරිනැමේ. සිරිමහ බෝ පදනම, සිරි සිදුහත් භික්‍ෂු පදනම ප්‍රධාන අරියවංශාලංකාර ගුණසමරු කමිටුව මඟින් ගුණසමරු උත්සවය සංවිධානය කෙරේ.


වේපතඉර චන්දරතන නා හිමි

මාතර, හක්මණ, වේපතඉර ග්‍රාමයේ දී අබේවික්‍රම බමුණුසිංහ කංකානම්ගේ කරුණාවතී සහ අතුකෝරළ ආරච්චිගේ සාමි අප්පුහාමි යන දම්පතින්ගේ පුත්‍රයකු ලෙස 1951 ජූනි 15 වැනි දින කුල කුමරුවකු බිහි විය. අතුකෝරළ ආරච්චිගේ ආරියදාස නම් වූ එම දරුවා කුඩා කල සිටම පැවිදිවීමට ආශාවක් දැක් වූ බැවින් වේපතඉර පොත්ගුල් විහාරාධිපතිව වැඩ විසූ අක්ෂි වෛද්‍ය විශේෂඥ වේපතඉර සාරානන්ද සහ කිරින්දේ සෝමානන්ද යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1964 මාර්තු 05 වැනි දින පැවිදි බිමට පත්විය.

1973 මැයි මස 18 දින මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසපන් බව ලැබූහ. එම වසරේදීම ගා/නාගොඩ ශ්‍රී ආනන්දාරාමයට වැඩමකළහ. උන්වහන්සේ වේපතඉර ගුණසේකර මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ගා/නාකියාදෙනිය ශ්‍රී සරණපාල පිරිවෙන සහ ගා/ කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලබා 1987 දී රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුවද ලැබූහ. 1989 ගා / උඩුගම විද්‍යාකේති පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ගුරු සේවයට පිවිසි උන්වහන්සේ 1990 සිට මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරස්ථානයේ සිරි රේවත පිරිවෙනේ සේවයට පිවිසි අතර 1997 වසරේ සිට නියෝජ්‍ය පරිවෙණාධිපති වශයෙන් පත්ව 2009.06.15 වන දින විශ්‍රාම යන ලදී. 1992 වසරේ දී දඹදිව පුණ්‍ය භූමි වැඳ පුදා ගැනීමට වැඩම කළ උන්වහන්සේ 2000 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කෝට්ටේ සන්තින්ද්‍රිය හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන දහම් නිකේතනයට ධර්ම දූත සේවය සඳහා වැඩම කොට එහි සිදුවූ ආගමික කටයුතු සඳහා සහය දක්වන ලදී. 2002 වසර නවසීලන්තයට වැඩම කර ධර්ම දූත සේවයේ යෙදුන චන්දරතන හිමිපාණන් වහන්සේ 2011 ජනවාරි මස 01 වන දා ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක නාහිමියන්ගේ ආරාධනාවෙන් වේපතඉර කුරුණායක මුල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ පොත්ගුල් විහාරස්ථානයට වැඩම කර සියලු විහාරාරාංගවලින් සමන්විත විහාරස්ථානය දැකුම්කළු ආකාරයෙන්ද පවත්වාගෙන යනු ලැබේ. 2014 ජූනි මස 15 වන දිනට වසර 63 ට පා තැබු චන්දරතන නාහිමිපාණන් වහන්සේට දිගාසිරි පතා 2014.06.16 දින සවස පින්කම් මාලාවක් පැවැත්විණි.


අධි සිල් ලබති

ආණමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන් විහාරාධිපති හා පරිවෙණාධ්‍යක්‍ෂක වඩවත්තේ සෝමානන්ද වඩත්ත ශ්‍රී සරණංකර, පිරිවෙන්හි පරිවෙණාධිපති ශාස්ත්‍රපති උත්තර අට්ටවිල්ලුවේ විමලානන්ද හිමිවරුන්ගේ ශිෂ්‍යයන් වන

වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ ආචාර්ය පණ්ඩිත වැටිය පහලගම, සීලානන්ද සාමණේර නම,

ආණමඩුවේ සුනීතානන්ද සාමණේර නම

කුරුණෑගල මලියදේව විද්‍යාරක්‍ෂක මහ පිරිවෙන්හි ප්‍රාචීන මධ්‍යම විභාගාපේක්‍ෂක ආණමඩුවේ පියනන්ද සාමණේර නම,

වඩත්ත ශ්‍රී සරණංකර මූලික පිරිවෙන්හි ආචාර්ය, පණ්ඩිත, කොට්ටුකච්චියේ උත්තරානන්ද සාමණේර නම,

ප්‍රාචීන ප්‍රාරම්භ විභාගාපේක්‍ෂක ආණමඩුවේ පඤ්ඤානන්ද සාමණේර නම,

කුරුණෑගල මලියදේව විද්‍යාරක්‍ෂක මහ පිරිවෙන්හි ප්‍රාචීන මධ්‍යම විභාගාපේක්‍ෂක වල්පාළුවේ දේවානන්ද සාමණේර නම,

තළාකොලවැවේ විනීතානන්ද සාමණේර නම,යන සාමණේරයන් වහන්සේලා 2014 ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශීල ශික්‍ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.


වැටියපහලගම සිලානන්ද හිමි

ආණමඩුව වඩත්ත නායික්කුලම ග්‍රාමයේ පදිංචි ඩබ්.එච්.එම්. හේරත් බණ්ඩා සහ ඒ.එච්.එම්. මුතුමැණිකා යන දෙපලගේ පුත්‍ර වඩත්ත ශ්‍රී සරණංකර මූලික පිරිවෙන්හි ආචාර්ය පණ්ඩිත වැටියපහලගම සීලානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ. ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් පිහිටුවන ලදී.


 


ආණමඩුවේ සුනීතානන්ද හිමි

ආණමඩුව කරඹෑලන්දේ පදිංචි වසන්ත ගාමිණි සහ ජානකි යන දෙපලගේ පුත්‍ර වඩත්ත ශ්‍රී සරණංකර මූලික පිරිවෙන්හි අධ්‍යාපනය හදාරන ආණමඩුවේ සුනීතානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් පිහිටුවන ලදී.

 


ආණමඩුවේ පියනන්ද හිමි

ආණමඩුව කරඹෑලන්දේ පදිංචි වසන්ත ගාමිණි සහ ජානකි යන දෙපලගේ පුත්‍ර වඩත්ත ශ්‍රී සරණංකර මූලික පිරිවෙන්හි අධ්‍යාපනය හදාරන ආණමඩුවේ පියනන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් ලැබූහ.

 


කොට්ටුකච්චියේ උත්තරානන්ද හිමි

ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේ පදිංචි ඩී. නවරත්න ද සිල්වා සහ ආර්.එච්.එම්. අරුණෝදන කාන්ති මැණිකේ යන දෙපලගේ පුත්‍ර වඩත්ත ශ්‍රී සරණංකර මූලික පිරිවෙන්හි ආචාර්ය පණ්ඩිත කොට්ටුකච්චියේ උත්තරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් ලැබූහ.

 


ආණමඩුවේ පඤ්ඤානන්ද හිමි

ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේ පදිංචි කේ.කේ. පියදාස සහ ඒ.එම්. ස්වර්ණා කුමාරි යන දෙපලගේ පුත්‍ර වඩත්ත ශ්‍රී සරණංකර මූලික පිරිවෙන්හි ප්‍රාචීන ප්‍රාරම්භ විභාග අපේක්‍ෂක ආණමඩුවේ පඤ්ඤානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් ලැබූහ.

 


වල්පාළුවේ දේවානන්ද හිමි

ආණමඩුව වල්පාළුව ග්‍රාමයේ පදිංචි ඩබ්.බී. රන්බංඩා සහ අයි.එච්.එම්. කුසුමාවති යන දෙපලගේ පුත්‍ර කුරුණෑගල මලියදේව විද්‍යාරක්‍ෂක මහ පිරිවෙන්හි ප්‍රාචීන මධ්‍යම විභාග අපේක්‍ෂක වල්පාළුවේ දේවානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් ලැබූහ.

 


තළාකොලවැවේ විනීතානන්ද හිමි,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය තලාකොළවැව ග්‍රාමයේ පදිංචි ව සිට නැසීගිය වී.ඩබ්.ජොතිපාල චුල්ලසෝම සහ එන්.කේ. අනුලාවතී යන දෙපලගේ පුත්‍ර තළාකොලවැවේ විනීතානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජූනි මස 11 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශිල් ලැබූහ.

 


රිදියගම විජිත හිමි

කැකණදුර ශාන්තාරාම විහාරාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති, නාලන්දා පිරිවෙන් කෘත්‍යාධිකාරී, ශ්‍රී සුගත දහම් පාසලේ ප්‍රධානාචාර්ය මාතර කඩවත් සතරේ ප්‍රධාන සංඝනායක දන්දෙනියේ මහානාම නාහිමිපාණන්ගේ පි‍්‍රය ශිෂ්‍ය මාතර ජයසුමන පිරිවෙනින් මූලික අධ්‍යාපනයත්, මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතන පිරිවෙනින් උසස් අධ්‍යාපනයත් හදාරා ඇති රිදියගම විජිත සාමණේර නම අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම 2014.06.06 දින බලපිටිය මාදුනදී ‘ස්වේජින්’ සීමා මාලකයෙහි සිදු කෙරිණි. අම්බලන්තොට, රුහුණු රිදියගම, කරඹගොල්ලේ පදිංචි ජයසුන්දර ගමගේ විනී ඉන්ද්‍රානි මුණසිංහ දෙපළගේ ආදරණීය පුත්‍රයා ද වේ.


පැලවත්තේ නිමල හිමි

බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණ විහාරාධිපති අලුත්ගම කන්දේ විහාර ශ්‍රී ක්‍ෂේත්‍රාරාම මහ පිරිවෙනේ සම්මානනීය ආචාර්ය දෙද්දුව ශ්‍රී ඤණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති , බටුවන්හේනේ ඤාණානන්ද හිමියන්ගේ ශිෂ්‍ය අලුත්ගම, කන්දේ විහාර පිරිවෙනේ හා ගා/හිපන්කන්ද විද්‍යා සමාධි මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබූ පැලවත්තේ නිමල සාමණේරයන් වහන්සේ 2014 ජූනි මස 06 සිකුරාදා මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.