Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

උඩුදුම්බර කාශ්‍යප හිමි

වසර 1971 දී කන්ද උඩරට උඩුදුම්බරදී ජන්ම ලාභය ලබා ගම්පහ පුරවරයේ හැදී වැඩී, උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිලාභියෙකුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවරයකු ලෙස කලක් සේවයේ නිරතව අනතුරුව පැවිදි දිවියට පිවිස, දහම් ඉගෙනගනිමින්, බවුන් වඩමින්, මහව ඉහළගම හල්ලෑව වෙහෙර ආරණ්‍යසේනා සෙනසුනේ අධිපතිව වැඩ වෙසෙන උඩුදුම්බර කාශ්‍යප හිමියන් වහන්සේ විසින් මහත් පරිශ්‍රමයෙන් හදාරන ලද අනගි දහමත්, ප්‍රගුණ කරන ලද ශීල භාවනාදියත්, නැවත නැවත ප්‍රගුණ කරමින් උන්වහන්සේ එම දැනුම, වැඩුම, දහම් ඇසීමට මෙන්ම බවුන් වැඩීමට රුචි සැමට අනුකම්පා පෙර දැරිව අනූපම ශාසනික සේවාවක් ඉටුකරලීමට වැඩවිසීම බෞද්ධයන්ගේ භාග්‍යයකි. කීමෙහි බිනීමෙහි චතුරත්වයක් දරන කාශ්‍යප හිමිපාණන් වහන්සේ සරල ලෙස සිත් ඇද බැඳ ගන්නා අයුරින්, ව්‍යක්තව සිදුකරනු ලබන දේශනාවන්, ඒ සඳහා ගතවන කාලය ගැන පවා තැකීමකින් තොරව ශ්‍රවණය කිරීමට ධර්ම ශ්‍රවණලාභීන් දක්වනුයේ අපිරිමිත සර්ධා සම්පන්නතාවයකි.

විවිධ සූත්‍ර දේශනාවන් අළලා දීර්ඝ ධර්ම දේශණයන් පවත්වනු ලබන කාශ්‍යප හිමිපාණෝ 2014 ජූනි මස 08 වෙනි ඉරුදින ප.ව. 12.30 සිට 6.30 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක් මැදුරේදී සල්ලේක සූත්‍රය ඇසුරින් දහම් දෙසුමක් පවත්වති.


ලියන්වෙල ලංකානන්ද හිමි

ලියන්වෙල ලංකානන්ද සාමණේරයන් වහන්සේ මෙම පොසොන් මස 06 වෙනි දින බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක විහාරාසන්න මාදු නදි සීමාවේදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා නායක ධුරන්දර සිරි සද්ධම්ම වංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුංගල්ලේ සිරි සීල විසුද්ධි මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ මහා සංඝයා වෙතින් අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටවනු ලබයි.

රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාර ගණයේ අධිපති රත්මලානේ සිරි සුනීතාභිධාන ප්‍රධාන අධිකරණ සංඝනායක මාහිමිගේ ශිෂ්‍යවරයෙකි. කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන ලියන්වෙල ලංකානන්ද සාමණේරයන් වහන්සේ ලියන්වෙල පදිංචි ආර්. ඒ. සිරිසේන මහතාගේ හා එම මහත්මියගේ කනිෂ්ඨ පුත්‍රරත්නය ද වේ.

 

 


මාලිම්බඩ පුඤ්ඤසිරි හිමි

දර්ගා නගරය, කොටපිටිය, ශ්‍රී සුධර්මාරාමාධධිවාසී මාලිම්බඩ පුඤ්ඤසිරි හිමියන් ජුනි මස 08 දින සියම් මහා නිකායේ කෝට්ටේ රජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධි සිල් ලබති.

උන්වහන්සේ දැනට වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලබන අතර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර මහා ධර්ම සංඝ සභාවේ කාරක සංඝ සභික ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක අන්දුගොඩ පුඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකි.


 

 


කටුවන සුජාත හිමි

නුගේගොඩ පාගොඩ ධර්ම දූත මධ්‍යස්්ථානයේ සම්මාන විහාරාධිපති කොළඹ පළාතේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත ගොඩපිටියේ ධම්මරතන නාහිමිගේ සහ පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ඌරුගමුවේ වාචිස්සර නා හිමිගේ පි‍්‍රය ශිෂ්‍ය කටුවන සුජාත හිමි ජුනි මස 07 වන දින අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ධුරන්දර අහුන්ගල්ලේ සිරි සීලවිශුද්ධි මාහිමි ප්‍රධාන සුධර්මා කාරක සංඝ සභාව වෙතින් බලපිටිය ශේව්ජින් සීමා මාලකයේ දී උපසම්පදාව ලබති.

අභිනව උපසම්පදාලාභී කටුවන සුජාත හිමිට ගෞරව සම්මාන දැක්වීමේ උපහාර පූජා පුණ්‍ය මහෝත්සවය ජුනි 08 වන දා සවස පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙදින සවස 4 ට පිටකෝට්ටේ මංසන්දියේ සිට දර්ශනීය පෙරහරකින් ධර්මදූත මධ්‍යස්්ථානයට වැඩම කරවීමෙන් පසු සවස 5 ට මංගල ධර්ම දේශනාව පවත්වති. ධර්ම දේශනාවෙන් පසු උපහාර පූජා පැවැත්වීම සිදු කෙරේ.


 


ධම්මදස්සී හිමි

කැලණිය, ගෝනවල ශ්‍රී වර්ධනාරාමවාසී විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලබන කැලණියේ ධම්මදස්සී සාමණේරයන් වහන්සේ උපසම්පදා ශීලයෙහි පිහිටුවීම 2014 ක් වූ පොසොන් මස 1වනදා මල්වතුමහාවිහාරීය උපෝසථාගාරයේ දී පැවැත්වීය. කැලණියේ ධම්මදස්සි සාමණේරයන් වහන්සේ කැලණිය ගෝනවල ශ්‍රී වර්ධනාරාමාධිකාරී පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි උප පරිවේනාධිපති නාවින්නේ සුගතධම්ම ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍යනමකි.

කැලණිය ගෝනවල පදිංචි කේ.ජී. කමල් කිරිඇල්ල සහ කේ.ජී. ඥානා කිරිඇල්ල යන දම්පතීන් දෙමාපියන් වූහ.