Print this Article


දෙහිගස්තැන්න ශ්‍රී සෝරතදහම් පාසල

දෙහිගස්තැන්න ශ්‍රී සෝරතදහම් පාසල


ආචාර්ය මණ්ඩලය.



දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

නාවලපිටිය ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්මලගම ග්‍රාමනිලධාරී වසමේ වරකාවල දොඩම්වල දෙහිගස්තැන්න ශ්‍රී ගුණාලංකාරාම විහාරයේ පිහිටි ශ්‍රී සෝරත දහම් පාසල දුෂ්කර ගම්මාන රැසක දරුවන්ට ආශිර්වාදයක් වී තිබේ.

2012 ජනවාරි 22 දින පුපුරැස්ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරය හා කොහොවල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමය වරකාවල ශ්‍රී ගුණාලංකාර විහාරාධිපති කරගල සෝරත නා හිමියන් සහ දායක සභාවේ ඇපකැප වීමෙන් මෙම දහම් පාසල අරඹන ලදී. එකල දරු දැරියන් 09 දෙනෙකු ගෙන් ඇරැඹුණු මෙම දහම් පාසලේ අද වන විට දරුදැරියෝ 125ක් අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලය11දෙනකුගෙන් සමන්විතය. සෝරත දහම් පාසලේ දරු දැරියෝ දහම් දැනුම තරගවලට ඉදිරිපත් වී කලාප කොට්ඨාස දිස්ත්‍රික්ක තරගවලින් ජය ලබා ඇත. කරගල සෝරත හිමියෝ ප්‍රධානාචාර්ය ධුරය හොබවති.

සුචරිත දැහැමි පරම්පරාවක් බිහිකිරීමට මෙම දහම් පාසල ගන්නා උත්සාහය නිබඳවම අගැයිය යුතුය.

විහාරාධිපති කරගල සෝරත හිමි, විහාරවාසී දොළොස්බාගේ මහින්ද හිමි සමඟ