UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් වාද්දූව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධිපති තල්පිටියේ චන්දරතන හිමියන් වෙත ප්‍රවචන කීර්ති ශ්‍රී ඉන්දජෝති’ යන ගෞරව නාම සම්මුතිය සහිතව පානදුර තොටමුණු බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ දී අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් ගිහි පැවිදි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

බෞද්ධ රටවල සහභාගිත්වයෙන් යුනෙස්කෝ සංවිධානය සංවිධානය කළ ජාත්‍යන්තර වෙසක් උත්සවය ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේ දී 21 වන දා ඇරැඹිණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහභාගි වූහ. ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය බෝදාගම චන්දිම නා හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය ලලිත් වැලිවිටිගොඩ

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් පෝද්දල, මීපාවල ශ්‍රී සුදර්ශනාරාමයේ දී පින්කම් මාලාවක් විහාරත්‍රයාධිපති ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක මිල්ලව සමිද්ධි නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරිණි.
එම පින්කම් මාලාවේ විශේෂ අවස්ථාවක් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරුණු අතර එම ධාතූන් වහන්සේ අලංකාර මණ්ඩපය වෙත වැඩම කරවීම එංගලන්තයේ පදිංචි දානපති ශර්ලි චන්ද්‍රසේකර මහතා විසින් සිදු කරන ලදී. විහාරාධිපති නාහිමියන් විසින් එම ධාතුන් වහන්සේ සහිත කරඬුව චන්ද්‍රසේකර මහතාගේ හිස මතින් වැඩම කරවීමට තැන්පත් කළ අවස්ථාව.

මල්වතු මහා විහාර පාර්ශවයේ යටිනුවර සංඝනායක ධුරය සඳහා කඩුගන්නාව ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති පණ්ඩිත ඕවල සෝරත හිමියන් තේරී පත්ව සිටිති. යටිනුවර කොටබෝගොඩ පුරාණ රාජමහා විහාරාධිපති ආචාර්ය වල්ගොව්වාගොඩ සරණංකර හිමියන් ඇතුළු ප්‍රදේශවාසී විවිධ සංවිධාන මඟින් උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එහි පෙරහරකින් අභිනව නා හිමියන් විහාරස්ථානය වෙත වැඩම කිරීමෙන් අනතුරුව උන්වහන්සේ සිය විහාරස්ථානයේ දී ප්‍රථම මල්පූජාව සඳහා බුදු මැදුර වෙත වැඩම කළ අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය – මධ්‍යම පළාත් සංචාරක එල්.එස්. එගොඩවිට

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථානය හා චීනයේ වුන්චෝ (Wenzhou) ප්‍රාන්තයේ අන්ෆු (Anfu) විහාරස්ථානය සමඟ ශාසනික සබඳතා ඇති කරගැනීම පිළිබඳව වූ සහයෝගිතාවය සඳහන් ගිවිසුම් පත්‍රයට අත්සන් තැබීමේ උත්සවය පසුගියදා සිරි පැරකුම්බා විහාරස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මුලසුන හෙබවූ එම උත්සවයට චීනයේ බ්‍රහ්චෝ ප්‍රාන්තයේ අන්ෆු විහාරස්ථානයේ ඩාහෝ ජෝ හාවේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල හිමි, පරිවෙනාධිපති, ශාස්ත්‍රපති තලගල විමලහිමි, දායක සභාවේ සභාපති රියෙන්සි ටී, විජේතිලක, චීන ලංකා සංගමයේ උප සභාපති සුමන ලියනගේ, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෝ වයිචිං, චීනයේ අන්ෆු විහාරස්ථානයේ හිමිවරුන් හා එහි දායක සභාවේ සාමාජිකයින් සහභාගි වූහ.
සේයාරුව, විරාජ් තනූජ

 
 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]