UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරන්තලා මහා භික්ෂු ඝාතනය අනුස්මරණයට පින්කම්

අරන්තලා මහා භික්ෂු ඝාතනය අනුස්මරණයට පින්කම්

උතුරු නැගෙනහිර දෙ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්මවාගීස්වර හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නා හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කර ජුනි මස 02 දිනට වසර 27 කි.

1987 ජුනි 02 දා කොටි ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කළ එම භික්ෂූන් වහන්සේලා අනුස්මරණය කිරීමේ වැඩසටහනක් මහඔය මංගලගම අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

ජුනි 01 වනදින – පස්වරු 6.00 - සප්තාසන කාව්‍ය ධර්ම දේශනාව සහ රාත්‍රී 9.00 - සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, ජුනි 02 වනදා පෙරවරු 8 සිට 2 දක්වා අරන්තලා භික්ෂු ස්මාරකය අභියස ආගමික වතාවත් හා පුෂ්පෝපහාර පූජාවද, අටවිසි බෝධි අංකුර හා බුදුපිළිම වහන්සේ තැන්පත් කිරීමද, ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද මහා සංඝරත්නයේ ප්‍රතිමා ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීමද, අරන්තලා භික්ෂු විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල් තැබීමද, ගුණ සමරු උත්සව සභාව හා ගුණ සමරු දේශනය, සපිරිකර මහා සංඝගත දක්ෂිණාව, මහ බත් දන්සල හා විවිධ සමාජ සුබසාධන කටයුතු රැසක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]