UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිබිලේ ධම්මාලෝක හිමි

බිබිලේ ධම්මාලෝක හිමි

කවුඩුල්ල, වෙහෙරඑළිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම යේ බිබිලේ ධම්මාලෝක සවාමින්ද්‍රයාණන් වහන්සේ සිය 50 වන ජන්ම දිනය සමරා උන්වහන්සේ ගේ් පැවිදි දිවියට වසර 32 ක් සපිරීමත් උන්වහන්සේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ හා ප්‍රදේශයේ ජනතාවට, රටට ජාතියට ආගමට හා සංස්කෘතියට කරන ලද මෙහෙවරට උපහාර වශයෙන් නිදුක් නිරෝගී සුව හා චිරජීවනය පතා විහාරස්ථ දායක සභාව ප්‍රමුඛ ස්වේච්ඡා සංවිධාන රැසක් පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මැයි මස 17 සහ 18 යන දෙදින තුළ විහාරස්ථ ශ්‍රී සුමන බෞද්ධ සමිතිය, ශ්‍රී සුමන දහම් පාසල, යශෝධරා කාන්තා සමිතිය, සමාධි උපාසක සමිතිය, දිළෙන තරු පෙර පාසල, වෙහෙරගල හා පිංපාර උතුර යටියල්පතාන අවමංගල්‍යාධාර සමිති,දිමුතු රූපවාහිනි ළමා සමාජය සහ බෝසත් තරුණ පෙළ සංසදය ආදි සංවිධාන ඒකරාශී වී ආශිර්වාද පූජා රැසක් පවත්වන ලැබුයේ උන්වහන්සේට කෘතගුණ දක්වමිනි. අනුරපුර ජයසිරි මහා බෝධිරාජයාණන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් සහ මැයි 17 වන දින රාත්‍රී කාව්‍ය ධර්ම දේශනාවක්, බුද්ධ පූජා, බෝධි පූජා, දේව පූජා ආදි ආගමික පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය කර තිබිණි. ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයෙන් බිහි වූ උන්වහන්සේ බිබිලේ ධර්ම ප්‍රදීප මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව බදුල්ල හාලිඇල සිරි බිම්බාරාම විහාරස්ථානයේදි මාඋස්සාගොල්ලේ ධම්මානන්ද හිමියන්ගේ භාරකාරත්වය යටතේ 1982.මැයි 27 වන දින පැවිදි වූ අතර, හාලිඇල උඩුවර සුදර්මාවාස විශ්වවිද්‍යාල පිරිවෙන් ආයතනයෙන් පිරිවෙන් මූලික අධ්‍යාපනය ලබා හිඟුරක්ගොඩ ජයමඟ මහ පිරිවෙන් විද්‍යායතනයට ඇතුළත්ව පිරිවෙන් අවසාන ප්‍රාචීන ප්‍රාරම්භ විභාග රැසකින් කුසලතා දක්වමින් උසස් දැනුම් සම්භාරයක් ලබා ගනිමින් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාරයේදී 1984 ජුනි 08 වන දින උපසම්පදා ශීලයට පත්වූහ.

බිබිලේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ ශාසනික වශයෙන් හා ජාතික වශයෙන් ඉටු කරන මෙහෙවරට කෘතගුණ දක්වන්නට වස් ප්‍රාදේශීය ගරුතර සංඝරත්නයෙන් සැදුම්ලත් මැදිරිගිරිය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අනු මණ්ඩලයේ සභාපති ධුරයෙන්ද පිදුම් ලැබූහ. ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවේ අනුශාසක වශයෙන් කටයුතු කරන අතර පුලතිසි පුරවර ආගමික ප්‍රබෝධය උදෙසා තමන් වහන්සේගේ පෞද්ගලික ධනය පවා පරිත්‍යාග කර කටයුතු කිරීම ගෞරවයෙන් පැසසිය යුතුවේ.

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]