UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුද්ධෝදන රාජ මාලිගය පිහිටි ශාක්‍යයන්ගේ රාජධානිය පුරාවිද්‍යා කැණීම්වලින් අනාවරණය වූ වගයි

සුද්ධෝදන රාජ මාලිගය පිහිටි ශාක්‍යයන්ගේ රාජධානිය පුරාවිද්‍යා කැණීම්වලින් අනාවරණය වූ වගයි

ශාක්‍ය වංශිකයින්ගේ පුරාණ අගනුවර පිහිටි නේපාලයේ කපිලවාස්තු හෙවත් තිලෝරාකොට් (TILQURAKOT) හි පුරාවිද්‍යා කැණීම් කටයුතු එංගලන්තයේ ඩරාම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍ය්‍යා මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් මේ වසරේ ජනවාරි මස 13වැනි දා ආරම්භ කරන ලද බව ප්‍රකාශයට පත් කරන ලදි.

සිද්ධාර්ථ බෝසතාණන්වහන්සේගේ කුමාර කාලය වසර 29 වනතුරුම ගත කර ඇත්තේ එම කපිලවාස්තු පුරයේ පිහිටි කිඹුල්වත් පුරයේ බව බෞද්ධ සාහිත්‍යයෙහි ද සඳහන් වන කරුණකි. ඊට මාස දෙකකට ඉහත දී මෙම පුරාවිද්‍යා කණ්ඩායම විසින් සිදුහත් කුමරු උපන් නේපාලයේ ලුම්බිණියේ මහා දේවි විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීමක් අවසන් කරමින් 2011 - 2013 තෙක් සිදු කළ පුරාවිද්‍යා කැණීම අනුව සිද්ධාර්ථ කුමාරයා එහි උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී බව සනාථ කර ඇත්තේ විද්‍යාත්මක කාලනිර්ණය අනුවය.

කපිලවස්තු පුරයේ (පුරාණ ශාක්‍ය වංශිකයින්ගේ රාජධානිය) පුරාවිද්‍යා කැණීම් කටයුතු සඳහා වූ එම පුරාවිද්‍යා කණ්ඩායමට විශේෂඥයෝ දහ අට දෙනෙකු සහභාගි වෙති. ඔවුන් අතර පුරාවිද්‍යාඥයින් (යුනෙස්කෝ ආයතනයට අයත්) නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලුම්බිනි සංවර්ධන භාරය, එංගලන්ත යේ ඩරාම් විශ්වවිද්‍යාලය සහ ස්ටාර්ලින් විශ්වවිද්‍යාලයට අයත් වන ශිෂ්‍යයින් 13 දෙනෙකු (ඔවුහු නේපාලයේ ත්‍රිබූ වන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල යෙදෙන අය වෙති.

මෙම කපිලවස්තු රාජධානියට අයත් වූ ප්‍රදේශයෙහි භූ විද්‍යාත්මක සමීක්ෂණයක් ද සිදු කර ඇත. පුරාණ කපිලවස්තු රාජධානිය පිහිටි මෙ ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම කාර්යය සිදු කර ඇත.

මෙම කැණීම් කටයුතු මෙහි ස්ථාන තුනක ප්‍රධාන වශයෙන් ආරම්භ කර ඇත. සුද්ධෝදන රජතුමා රාජ්‍යය කළ මෙ රාජධානියට අයත් වූ රජමාලිගයෙහි බටහිර දොරටුවේ මීටර් 10 පමණ යටට මෙම පුරාවිද්‍යා කැණීම සිදු කර ඇත.

මෙම කැණීම් කටයුතු සිදු කෙරෙන දෙවැනි පුරාවිද්‍යා ස්ථානය කපිලවස්තු පුරයේ සුද්ධෝදන රජ මාලිගාවට මීටර් 30 පමණ දුරින් පිහිටියේ ය. එහි පර්යේෂණ කැණීමක් සිදු කරන ලදී. එම කැණීමේ දී මතුපිට සිට මීටර් 10 - 15 අතර ප්‍රදේශයෙහි ගඩොල් සථරයක් ද මතු වී ඇත.

කපිලවස්තු රාජධානියේ රජමාලිගයට වයඹ දෙසින් පිහිටි පුරාණ බලකොටුවට අයත් වූ බිත්ති මතු කර ගැනීමට ද පුරාවිද්‍යා කැණීම් කරන කණ්ඩායම සමත් වී ඇත. මෙම ස්ථානයෙහි 1962 දී නේපාල පුරා විද්‍යාඥයෙකු වූ ඩී.මිත්රා (ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින්) විසින් කරන ලද කැණීමක් අනුව එහි තිබුණු (අඩි තුන හමාරක් පමණ යට ) දැව කණු හිටුවන ලද හෝ ශිලා කණු හිටුවන ලද වළවල් හමුවී ඇත. (එහි දැව කණු හෝ ශිලා කණු දක්නට නැත.) යුනෙස්කෝවේ පුරාවිද්‍යාඥ (නේපාලයට අයත්) කොෂ් ප්‍රසාද් ආචාර්ය මහතා මෙම පුරාවිද්‍යා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකි.

ඔහු ප්‍රකාශ කරන අන්දමට මෙසේ දැව හෝ ශිලා කණු පිහිටුවීමට සාදන ලද එම වළවල්වලින් පුරාණ කාලයේ නිලෝරාකෝට් (කපිළ වස්තු පුරය) බව හෙළිවී ඇත. ඔහු පවසන අන්දමට එම නැගෙනහිර පැත්තේ ඇති ප්‍රදේශය තවදුරටත් යටට කැණීම් කටයුතු සිදු කරගෙන යයි. මෙම පුරාණ වළවල් පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ ස්ටාලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලාන් සිම්රසන් මහතා මේවා ඉතා පුරාණ බව ප්‍රකාශ කර ඇත.

එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්‍රකාශ කරන අන්දමට මෙම කැණීම් කටයුතුවලින් පුරාණ තිලෝරාකොට් (TILQURAKOT) කපිලවස්තු පුරයේ පුරාණ වාස්තු විද්‍යාත්මක නිර්මාණ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර මෙම රජමාලිගාව ආශි‍්‍රත ප්‍රදේශයෙහි සුද්ධෝදන රජුගේ සහ මහාමායාදේවියගේ අනුස්මරණය කිරීම සඳහා සාදන ලද දාගැබ් දෙකක් ද සොයා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙතෙක් වසර 150ක් පමණ කාලයක සිට ම ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින් කපිලවස්තු රාජධානිය පිහිටියේ මෙකල ඉන්දියාවේ පිජරුවා නමැති පුදබිමෙහි බවට තර්ක විතර්ක ඉදිරිපත් වී තිබුණ නමුදු මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යඥයින් විසින් මේ වසරේ ආරම්භයේදී ම කරන ලද පුරාවිද්‍යා කැණීම් හා ඒ ආශි‍්‍රත ගවේෂණ මගින් කපිලවස්තු රාජධානිය නේපාලයේ බව සනාථ වී හමාරය.

 

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]