Print this Article


ඩෙල්ෆ්ට් දූපතේ නව මහජන පුස්තකාල ආරම්භ කිරීමට දමිළ භාෂා පොත් පුස්තකාල උපකරණ ඉල්ලයි

ඩෙල්ෆ්ට් දූපතේ නව මහජන පුස්තකාල ආරම්භ කිරීමට දමිළ භාෂා පොත් පුස්තකාල උපකරණ ඉල්ලයි

කැලණිය විශ්වවිද්‍යාලයේ, පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය, උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, ඩෙල්ෆ්ට් දූපතේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන්, ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධ ව, ඩෙල්ෆ්ට් දූපතේ, ග්‍රාමසේවා වසම් 06 ක් ආවරණය වන පරිදි නව මහජන පුස්තකාල 06ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ඩෙල්ෆ්ට් දූපතේ සිවිල් පුරවැසියන් 4490 ක් පමණ ජීවත්වන අතර, මුළු දූපතටම ඇත්තේ එක් මහජන පුස්තකාලයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ආචාර්ය මණ්ඩලය එක්ව මෙම දූපතේ සිදුකළ පර්යේෂණයකින් පසුව සාක්ෂරතාව දියුණු කිරීම සඳහා මහජන පුස්තකාල 06 ක් පිහිටුවීමට තීරණය කර ඇත.

මෙම පුස්තකාලය සඳහා දෙමළ භාෂාවෙන් රචිත පොත් සහ උපකරණ තම නමින් තැන්පත් කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් අංශාධිපති, පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය යන ලිපිනයට එවන ලෙස ඉල්ලීමක් කරයි. වැඩිදුර තොරතුරු 0112917712 දරන දුරකථනයෙන් දැනගත හැකි ය.