Print this Article


කහගල ධම්මරක්‍ඛිත නාහිමි ගුණ සමරුවට පින්කම්

 කහගල ධම්මරක්‍ඛිත නාහිමි ගුණ සමරුවට පින්කම්

අපවත්වී වදාළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝනායක කඩුගන්නාව ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති කහගල ධම්මරක්‍ඛිත නාහිමිපාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මැයි 30, 31 දිනවල ඉල්ලදොර පොත්ගුල් විහාරයේදී පැවැත්වේ.

විහාරාධිපති යටිනුවර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ඕවල, සෝරත නාහිමියන් ප්‍රධාන ශිෂ්‍ය පිරිසගේ සහ විහාර කාර්ය සාධන සමිතියේ මෙහෙයවීඑමෙන් පැවැත්වෙන එම ගුණ සමරු පින්කම මැයි 30 සෙත් පිරිත් දේශනයකින් ආරම්භ කර 31 වෙනි දින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකින් අවසන් කෙරේ.