Print this Article


කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා කප්සිටුවීම පෞරාණික චාරිත්‍ර පුදසිරිත් සුබ නැකැත් අනුව මැයි මස 15 දින උදෑසන කතරගම මහාදේවාලයේ මිණිබඳ මණ්ඩපයේ නියමිත ස්ථානවල කතරගම මහාදේවාලයේ සරත් සේපාල රත්නායක හා ආනන්ද ටී. රත්නායක යන කපු මහත්වරුන් විසින් සිදු කරන ලදී.

කප්සිටුවීම අනුව රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර ජූනි මස 28 දින ඇරඹෙයි. ජූලි මස 12 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර ජූලි මස 13 දින මැණික්ගඟේ දියකැපීමෙන් පෙරහර කටයුතු අවසන්වෙයි.කප් සිටුවන අවස්ථාවට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂත් රුහුණු කතරගම මහාදේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක යන මහත්වරුන් කපු මණ්ඩලය රාජකාරී මණ්ඩලය ආලත්ති අම්මලා ඇතුළු කතරගම දේවාලයේ රාජකාරී කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලය සහභාගි වූහ.