Print this Article


මල්වතු අස්ගිරි උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලාට ශ්‍රී දළදා මාලිගාවේ දී සම්මන්ත්‍රණයක්

මල්වතු අස්ගිරි උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලාට ශ්‍රී දළදා මාලිගාවේ දී සම්මන්ත්‍රණයක්

මහනුවර මල්වතු, අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පාඨමාලාවක් සමඟ උන්වහන්සේලා දැනුවත් කරන සම්මන්ත්‍රණයක් ශ්‍රී දළදා මාලිගාවේ දී මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානායක මාහිමි දෙපලගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති ආනමඩුවේ ධම්මදස්සි හිමි ප්‍රධානත්වයෙන් පවත්වන ලද එම වැඩසටහනට මෙම වසරේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අධිසිල් ලබන සාමණේරයන් වහන්සේලාගෙන් දෙසියකටත් ආසන්න හිමිවරු සහභාගි වූහ.

මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අලුත්ගම, ධම්මානන්ද, මල්වතු මහා විහාර කාරක සභික, ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ සුමංගල, කාරක සභික රඹුක්වැල්ලේ සෝභිත යන හිමිවරු ද ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ. මැයි 14 වෙනි දාට යෙදී තිබුණ වෙසක් පෝයදිනයෙන් ආරම්භ වූ මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උප සම්පදා පුණ්‍යෙීත්සවය ජූනි දොළොස්වෙනිදාට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පෝය දිනයෙන් අවසන් කෙරේ.