Print this Article


සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බුද්ධශාසන අරමුදල මඟින් ශාසනික සේවාවන් රැසක්

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බුද්ධශාසන අරමුදල මඟින් ශාසනික සේවාවන් රැසක්

බුද්ධශාසන අරමුදලේ පරමාර්ථය නම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ශාසනික සේවාවන් ඉටු කිරීමයි. පාලක මණ්ඩලයක් මඟින් ක්‍රියාත්මක වන බුද්ධශාසන අරමුදල සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වූ පහත දැක්වෙන පරිදි ශාසනික සේවාවන් සිදු කරනු ලැබේ.

සාමණේර ස්වාමින් වහන්සේලා 05 නමකට වැඩි බුද්ධශාසන අරමුදලේ ලියාපදිංචි වී ඇති සාමණේර අධ්‍යාපනය (සාමණේර අත්පොත අධ්‍යනය කිරීම) සඳහා මාසික මූල්‍යාධාර පිරිනැමීම.

සාමණේර ආයතනවල සාමණේර ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම හා වත් පිළිවෙත් පිළිබඳ වාර්ෂික ඇගයීම් පැවැත්වීම.

2600 සම්බුද්ධත්ව ජයන්ති වසරේ සිට 2013 මැයි මස දක්වා පැවිදි වූ සාමණේර ස්වාමීන් වහන්සේලාට වසර 05ක කාලයක් සඳහා (අධ්‍යාපනය ලැබීමට) විශේෂ කැපකරු මාසික ශිෂ්‍යාධාරයක් පිරිනැමීම.

2014 වසරේ පෙබරවාරි මස සිට පැවිදි බවට ඇතුළත් වන සියලු සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා වසර 03ක කාලයක් කැපකරු ශිෂ්‍යාධාර පිරිනැමීම.උතුරු නැඟෙනහිර ප්‍රදේශයන්හි පිහිටි විහාරස්ථානවල මූලික භෞතික අවශ්‍යතා සම්පූර්ණ කර දීම.

දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි භෞතික අවශ්‍යතා සපුරාලීම හා ආගමික කටයුතු සඳහා සහාය පිණිස කැපකාර ආයතන හඳුන්වා දෙමින් එම විහාරස්ථාන සංවර්ධනයට දායක වීම.

වැඩිහිටිවියේ පසුවන දඹදිව සිද්ධස්ථාන වන්දනාවේ නොයෙදුණු භික්‍ෂූන් වහන්සේලා සඳහා දඹදිව සිද්ධස්ථාන වන්දනා කර ගැනීමේ අවස්ථාව සලසා දීම.

විහාරස්ථාන, පිරිවෙන් හා දහම් පාසල් පුස්තකාල සඳහා ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කිරීම.

වැඩිහිටිවියේදී පැවිදි බිමට ඇතුළත් වූ ස්වාමීන් වහන්සේලා සඳහා භික්‍ෂු ප්‍රතිපදාවට අයත් වත් පිළිවෙත්, දහම් දැනුම ආදී වත් පිළිවෙත් නිසි පරිදි පවත්වා ගැනීම සඳහා තෙදින නේවාසික වැඩසටහන් පැවැත්වීම.උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සඳහා වෛද්‍ය හා හදිසි අනතුරු රක්‍ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

2014 වර්ෂයේ ජාතික වෙසක් වැඩසටහන වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි මූලික අවශ්‍යතා බුද්ධශාසන අරමුදලේ දායකත්වයෙන් සම්පූර්ණ කර දීම සඳහා බුද්ධශාසන අරමුදලේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.