Print this Article


ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් මහාභාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් දහම් පාසල් සිසුන්ට සිල් රෙදි ප්‍රදානය ජුනි 1 දා

ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් මහාභාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් දහම් පාසල් සිසුන්ට සිල් රෙදි ප්‍රදානය ජුනි 1 දා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා උළෙල නිමිත්තෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම්පාසල් සිසු දරුවන්ගේ් සීල සමාදාන පින්කමක් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයවීමෙන් පොසොන් පෝදා මිහින්තලා පුදබිමේදී මෙවරද පැවැත්වේ.

වාර්ෂිකව පැවැත්වෙන එම සීල සමාදාන පින්කමට සහභාගිවන දහම් පාසල් සිසු දරුවන් සඳහා සිල්රෙදි පිරිනැමීම ජුනි 01 වනදා මිහින්තලා රජමහා විහාරය අසල උද්‍යානයේදී මිහින්තලා රාජමහාවිහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

එම සිල් රෙදි ප්‍රදානය මෙවරද මහා භාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් සිදු කෙරේ.