Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

සියඹලාණ්ඩුවේ හේමාලෝක හිමි

අරාවත්තේ පඤ්ඤාකිත්ති හිමි

දෙහිගොල්ලේ අමිත හිමි

මොනරාගල පොකුණුගල විහාරය, මහියංගන අරාවත්ත සාමග්ගි යන උභය විහාරාධිපති මොනරාගල රාජකීය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, මොනරාගල සිරි ධම්මතිලක පිරිවෙනේ අධ්‍යක්‍ෂක ගෞරව ශාස්ත්‍රවේදී උල්ලාපොල චන්දානන්ද හිමිපාණන්ගේ ශිෂ්‍යයින් වූ,

මොනරාගල සිරි ධර්මතිලක මූලික පිරිවෙනේ ආචාර්ය සියඹලාණ්ඩුව හේමාලෝක, බලංගොඩ කරගස්තලාව ශාන්ති නිකේතන පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන අරාවත්තේ පඤ්ඤාකිත්ති, පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක දෙහිගොල්ලේ අමිත යන සාමණේර පොඩිහාමුදුරුවන් වහන්සේලා මෙම 29 වෙනි දින මහනුවර මල්වතු උපෝෂථාගාරයේ දී උපසම්පදාශීලියෙහි පිහිටුවීමට නියමිතය. උපසපන් භික්‍ෂූන් වහන්සේලා ජූනි මස 1 වෙනි දින මොනරාගල නගරයේ සිට දර්ශනීය පෙරහරකින් විහාරස්ථානයට වැඩමකරවීමට විහාරස්ථදායක සභාව කටයුතු යොදා ඇත.


ඕමාරේ සුජාත හිමි

බෙලිඅත්ත කහවත්ත පුරාණ රජමහා විහාරාධිපති ,කහවත්ත මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී වටරක්ගොඩ ඤාණසිරි, බෙලිඅත්ත, කහවත්ත පුරාණ රජමහා විහාරධිකාරි නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය ඕමාරේ සුජාත පොඩි හාමුදුරුවෝ මේ මස 24 වන දින මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම සිදුකෙරිණි

ජුනි මස 1 වැනි දින පස්වරු 3 ට බෙලිඅත්ත නගරයේ සිට පෙරහරින් උන්වහන්සේ කහවත්ත පුරාණ රජමහා විහාරයට වැඩම කරනු ලබන අතර උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය පස්වරු 7 ට සිදු කිරීමට නියමිතය.


 


හේවායින්නේ විමලධම්ම හිමි

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති තලවතුගොඩ චන්දවිමල මා හිමියන්ගේ හා කිරිඳිවැල ගණිහිගම දකුණ ශ්‍රී සුජනකන්තාරාම පුරාණ විහාරාධිපති මීගලෑවේ විමල බුද්ධි හිමියන්ගේ ශිෂ්‍ය දැනට උසස් අධ්‍යාපනයේ යෙදී සිටින හේවායින්නේ විමලධම්ම සාමණේරයන් වහන්සේ ජූලි මස 02 දින ආරම්භ වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වන උපසම්පදා විනය කර්මයේදී මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේදි අධිසිල් ලැබීමට නියමිතව ඇත.