UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැති ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැති ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 24 වන වරටත් සංවිධානය කරන ලද අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියසදී ඉකුත් 14, 15, 16 තෙදින පුරා ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්විණි. ඊට විද්‍යුත් මාධ්‍ය දායකත්වය දෙරණ ටී.වී. වෙතිනි. එම වෙසක් කලාපයට වෙසක් පහන් කූඩු තරග හා ප්‍රදර්ශනය, වෙසක් සැදැහැ ගීත සහ ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී සහ දන්සැල් ද ඇතුළත් විය.

 

අමාදහර වෙසක් සදහම් කලාපයේ 14 වන දා විදුලි ආලෝකය විවෘත කිරීම සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී තිලක් ද සිල්වා, ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහත්වරු සිදුකළ අවස්ථාව. එම අවස්ථාවට ලේක්හවුස් නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ආයතනික සබඳතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලන්ති ජයකොඩි, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, දිනමිණ කර්තෘ ගාමිණී ජයලත්, මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.
අමාදහර වෙසක් සදහම් කලාපය 15 වන දා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරී රෝහණ විජේවීර මහත්වරු අතින් විවෘත වූ අයුරු. එම අවස්ථාවට ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රශාන්ත රොබට්සන්, ජයසිරි සේමගේ, දිනමිණ කර්තෘ ගාමිණී ජයලත් මහත්වරු ඇතුළු ලේක්හවුස් ආයතනයේ නිලධාරීහු රැසක්ද සහභාගි වූහ.
ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයේ තෙවැනි දිනය (16)දා විදුලි ආලෝකය විවෘත කිරීම සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ බන්දුල පද්මකුමාර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන ව්‍යසාය කළමනාකාර කිත්ති පෙරේරා, ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, ටී.වී දෙරණ ආයතනයේ අධ්‍යක්‍ෂ මෙහෙයුම් විජිත් චන්ද්‍රසේන මහත්වරු සහභාගි වූ අයුරු.
ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයේ වෙසක් පහන් කූඩු තරගයේ ප්‍රථමස්ථානය රුපියල් දෙළක්‍ෂ පනස් දහසක මුදල් ත්‍යාගය හිමිකරගත් අංගොඩ හිඹුටාන කේ. මහින්ද ලාල් මහතා අදාළ මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා අතින් ලබා ගත් අවස්ථාව.
දෙවන ත්‍යාගය වූ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක මුදල් ත්‍යාගය හිමිකරගත් මීගමුව දාගොන්නවත්ත ඒ.කේ. සම්පත් මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා අතින් ලබා ගත් අවස්ථාව.
තෙවන ත්‍යාගය වූ රුපියල් ලක්‍ෂයක මුදල හිමිකරගත් දෙහිවල අත්තිඩියේ ටී.ඒ. ධනුෂ්ක සම්පත් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ව්‍යයසායක නිලධාරී කිත්ති පෙරේරා මහතා අතින් මුදල් ත්‍යාගය සහ සහතිකය ලබා ගත් අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා මෙහි වේ. එහිදී සියලු තරගකරුවන් වෙත මුදලින් ත්‍යග පිරිනැමිණි.
ලේක්හවුස් බැති ගී කණ්ඩායම
ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයේ ඉකුත් 16 වන දා පැවැති උත්සවයට සහභාගි වූ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ව්‍යසාය කළමනාකාර කිත්ති පෙරේරා, ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යධිකාරී ආයතනික සබඳතා රොෂාන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි නිලන්ති ජයකොඩි, ටී.වී. දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ මෙහෙයුම් විජිත් චන්ද්‍රසේන, ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවාරච්චි, අලෙවි ප්‍රධානී සුනිල් සෙන්දනායක, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහත්ම මහත්මීහු ඇතුළු පුවත්පත් කතුවරුන් ලේක්හවුස් ආයතනයේ අංශ ප්‍රධානීහු ද ඊට සහභාගි වූහ.

සේයාරූ - ලලිත් සී ගමගේ , රංජිත් අසංක

 

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]