UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතුරලියේ දේවසිරි නා හිමි

අතුරලියේ දේවසිරි නා හිමි

ඉමදූව කෝදාගොඩ ගනේගොඩ පුරාණ මහා විහාරාධිපති තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී, අතුරලියේ දේවසිරි නාහිමියන් මෙම මස 12 වැනි දින තම දිවියේ 80 වැනි වියට පා තැබුහ.

ඓතිහාසික දකුණු පුරවරයෙහි මාතර දිස්ත්‍රික්කයට අයත් අකුරැස්ස අතුරලිය නම් සුන්දර ගම්පියසේ දී පින්වත් මව්පිය දෙපළකට දාව මෙලොව එළිය ලැබීය. අතුරලිය කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව අතුරලිය ශ්‍රී නිවාසාරාමාධිපතිව වැඩ විසූ මාලිම්බඩ ඛේමා නන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1947 නොවැම්බර් මස 15 වැනි දින සසුන් ගත වූයේ අතුරලියේ දේවසිරි යන නාමයෙනි.

පසුව තම ගුරු දේවයාණන් වහන්සේලාගේ ඇසුරින් මූලික බණ දහම් හා වත් පිළිවෙත් හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ දේවසිරි නාහිමියන් එහිදී පාලි, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි ආදී විෂයන් පිළිබඳ මනාව හදාරා ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් ද උසස් ලෙස සමත්විය. පසුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය ද හිමි කර ගැනීමට තරම් ඉතා දක්‍ෂයෙකු වූයේ ය.

1953 වසරේදී මහනුවර මල්වතු මහාවිහාරයේ දී එහි අගනා ප්‍රතිඵලයක් වශයෙන් ධර්මදූත සේවාවෙහි යෙදී සිටින අවධියෙහි එනම් 1983 දී කෝදාගොඩ ගනේගොඩ පුරාණ මහා විහාරස්ථානයෙහි වැඩ වසන්නට වූ අතර එහිදී සියලු දෙනාගේ සිත් දිනා ගනිමින් විහාරාධිපති ධූරයට පත්වීමට තරම් උන්වහන්සේ භාග්‍ය සම්පන්න වූහ. පසුව තම ගුරු දේවයාණන් වහන්සේට උපහාරයක් ලෙස “ශ්‍රී ධම්ම රතන” දහම් පාසල ආරම්භ කොට එහි ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කොට සුවිශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ගනේගොඩ පුරාණ මහා විහාරස්ථානය දැකුම්කළු හා රමණීය අයුරින් ගොඩ නැංවූ උන්වහන්සේ ජාතික හා ආගමික සේවාව නොපිරිහෙළා ඉටු කර ගැනීමෙහිලා විශාල උගත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සකස් කිරීමේ ගෞරවයද හිමි වෙයි. ඒ අතර වත්මන් විහාරාධිකාරී දික්කුඹුර නවෝද්‍යා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී හබරාදූව කෝලිත හිමියන් හා නාරාහේන්පිට සාරිපුත්ත විහාරාධිපති කලා කීර්ති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්නපුරේ නන්ද නාහිමියන් ආදී නැණවත් භික්‍ෂූන් වහන්සේලා මඟින් අදටත් ඉටු වන සේවාව අමිලය.

මෙලෙස ජාතික ආගමික විශාල සේවාවක් ඉටු කළ අතුරලියේ දේවසිරි හිමියන්ට උපහාරයක් වශයෙන් 1989 දී මහනුවර මල්වතු මහා විහාර සංඝ සභාව විසින් තල්පේපත්තුවේ අධිකරණ සංඝනායක ධූරය පිරි නැමීය. බුදු සසුනේ චිරස්තිථිය උදෙසා තම දිවිය කැප කර ඇති නාහිමියන් අද වන විට රෝගී තත්ත්වයෙන් පසු වුවද එම උදාර සේවාව නොපිරිහෙළා ඉටු කරන විහාරාධිකාරී කෝලිත හිමියන් තම ගුරු දේවයාණන් වහන්සේට ඉටු විය යුතු සියලු ඇප උපස්ථාන සිදු කරමින් විහාරස්ථානයද ගොඩනඟමින් ජාතික ආගමික වශයෙන් සිදු කරනු ලබන්නේ සුවිශාල මෙහෙයකි. ඒ අනුව 80වන වියට පා තබන තම ගුරුදේවයාණන් වහන්සේට ආශීර්වාද පතා උදාවන උතුම් වෙසක් පුන් පොහොය නිමිති කර ගනිමින් බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සිදු කිරීමට කටයුතු යොදා තිබිනි. ඒ සියලු පින් බලයෙන් අතුරලියේ දේවසිරි නාහිමියන්ට නිදුක් නීරෝගී සුවය හා චිර ජීවනය ලැබේවා’යි පතන්නෙමු.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]