UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධි සිල් ලබති

අධි සිල් ලබති

ගලඋඩ ශාසනරතන හිමි

බදුල්ල කන්දෙගෙදර තැන්නෙපංගුව මලුවේගොඩ රජමහාවිහාරවාසී ගලඋඩ ශාසනරතන සාමණේරයන් වහන්සේ මෙම ජූනි මස 26 වන අමාවක පෝයදින බදුල්ල හිඳගොඩ මහාතපෝධනාරාමස්ථ බද්ධසීමාමාලකයේදී ඌව අමරපුර නිකායේ මහානායක සද්ධර්ම භාරතීශ්වර ශ්‍රී අමිතසාර මීරියබැද්දේ උපනන්දාභිධාන මහානායක මාහිමිපාණන් ප්‍රධාන ශ්‍රී සුධර්මවාදිනී කාරක සංඝ සභාව වෙතින් අධිශීලසංඛ්‍යාත උපසම්පදාශීලයෙහි පිහිටුවන ලබයි. ශාස්ත්‍රවේදී බෝපිටියේ නන්දසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වන උන්වහන්සේ බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද මහ පිරිවෙනේ අධ්‍යාපනය ලබති.
 


මකුල්ඇල්ලේ සුගතනන්දහිමි

මකුල්ඇල්ලේ සුගතනන්ද සාමණේරයන් වහන්සේ 2014.06.26 වන දින බදුල්ල හිඳගොඩ මහාතපෝධනාරාමස්ථ බද්ධසීමා මාලකයේ දී ඌව අමරපුර නිකායේ මහානායක සද්ධර්මභාරතීශ්වර ශ්‍රී අමිතසාර මහෝපාධ්‍ය මීරියබැද්දේ උපනන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී සුධර්මවාදිනී කාරක මහා සංඝසභාව වෙතින් අධිසිල් ලබති. ශ්‍රී ලංකා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන උන්වහන්සේ කන්දකැටිය බදුලුඔය ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරයේ විහාරාධිපති අත්තුඩුවාවල සුදස්සී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයාණෝ ය.

 


සුරියගොල්ලේ උපතිස්ස හිමි

සූරියගොල්ලේ උපතිස්ස සාමණේරයන් වහන්සේ මෙම ජූනි 26 වන අමාවක පෝය දින බදුල්ල හිඳගොඩ මහා තපෝධනාරාමස්ථ බද්ධසීමාමාලකයේදී සද්ධර්මභාරතීශ්වර ශ්‍රී අමිතසාර මහෝපාධ්‍ය මීරියබැද්දේ උපනන්දාභිධාන මහානායක මාහිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී සුධර්මවාදිනී කාරක මහා සංඝ සභාව වෙතින් අධිසිල් ලබති. උසස් අධ්‍යාපනය ලබන උන්වහන්සේ පස්සර ඇටකිරිය රජමහ විහාරාධිපති පින්නගොල්ලේ පඤ්ඤාතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයයි.

 


මඩුගස්තලාවේ සිරිධම්ම හිමි

මඩුගස්තලාවේ සිරිධම්ම හිමි ජූනි මස 26 වන අමාවක පෝය දින බදුල්ල හිඳගොඩ මහා තපෝධනාරාමස්ථ බද්ධ සීමාමාලකයේ දී සද්ධර්ම භාරතීශ්වර ශ්‍රී අමිතසාර මීරියබැද්දේ උපනන්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී සුධර්මවාදිනී කාරක මහා සංඝ සභාව වෙතින් උපසම්පදාව ලබති.

බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන උන්වහන්සේ බදුල්ල හිඟුරුගමුව ශ්‍රී රතනපාලාරාමාධිපති පාලාවත්තේ සේනානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන්නමකි.


ගඩාදෙහිගොල්ලේ සුනීත හිමි

ගඩාදෙහිගොල්ලේ සුනීත සාමණේරයන් වහන්සේ මෙම ජූනි 26 වන අමාවක පෝයදින බදුල්ල හිඳගොඩ මහා තපෝධනාරාමස්ථ බද්ධ සීමා මාලකයේදී ඌව අමරපුර නිකායේ මහානායක සද්ධර්මභාරතීශ්වර ශ්‍රී අමිතසාර මහෝපාධ්‍ය මීරියබැද්දේ උපනන්දාභිධාන නායක මාහිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී සුධර්මවාදිනී කාරක සංඝ සභාව වෙතින් අධිසිල් ලබති. බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද මහා පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය ලබන ගඩාදෙහිගොල්ලේ සුනීත හිමි බදුල්ල කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කහටරුප්පේ විමලකීර්ති හිමියන්ගේ ශිෂ්‍යරත්නයයි.
 


වැවතැන්නේ මෙත්තානන්ද හිමි

පස්සර ඇටකිරිය රජමහ විහාරවාසී වැවතැන්නේ මෙත්තානන්ද හිමි මෙම ජූනි මස 26 වන අමාවක පෝයදින බදුල්ල හිඳගොඩ මහා තපෝධනාරාමස්ථ බද්ධසීමා මාලකයේදී ඌව අමරපුර නිකායේ මහානායක සද්ධර්ම භාරතීශ්වර ශ්‍රී අමිතසාර මීරියබැද්දේ උපනන්දාභිධාන මහානායක මාහිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී සුධර්මවාදිනී කාරක මහා සංඝ සභාව වෙතින් උපසම්පදාව ලබති. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකොට ඇති මෙත්තානන්ද හිමි පින්නගොල්ලේ පඤ්ඤාතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් කෙනෙකි.


අමුණුගම ශ්‍රී නිවාස හිමි

වෙසක් පෝදා වාහලනාග නාමයෙන් උපසම්පදාව ලබයි

ශ්‍රී ලංකාතිලක ,කොබ්බෑකඩුව මාවෙල,ඇඹිල්ල, කොටුගොඩැල්ල සහ පුසුල්පිටිය යන රජමහා විහාරාධිපති මහනුවර මල්වතු මහා විහාර වාසි කර්මාචාර්ය අමුණුගම රාජගුරු විපස්සි නා හිමියන්ගේ පි‍්‍රය ශිෂ්‍ය දැනට මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ ධර්මශාස්ත්‍රය හදාරන අමුණුගම ශ්‍රී නිවාස සාමණේර නම මැයි මස 14 වෙනි දින උපසම්පදා වනු ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ සිට උපසම්පදා පෙරහරෙන් මෙදින සවස 2.30 මල්වතු මහා විහාරය කරා වැඩමවා ගෙන එනු ලබන අමුණුගම ශ්‍රී‍්‍ර නිවාස සාමණේර නම සම්ප්‍රදායනුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ඇත. සවස 4.15 ට මල්වතු මහා විහාරයේ සිට කොටුගොඩැල්ල රජ මහා විහාරය කරා පෙරහරෙන් වැඩමවාගෙන එනු ලබන අමුණුගම ශ්‍රී නිවාස හිමියෝ මෙදිනම සවස 6.30 ට සිය මංගල ධර්ම දේශනාව පවත්වති.

අමුණුගම, ශ්‍රී නිවාස හිමියෝ, උඩගුªන්නෑපාන පදිංචි පී.ඩී. පාරමුල්ලගේ සහ ඒකනායක වලව්වේ සුනීතා පිළිමතලාව යන දම්පතින්ගේ පුත්‍ර රත්නයකි. කොටුගොඩැල්ල රජ මහා විහාරස්ථ සිරිනිවාස දහම් පාසලේ ධර්මාචාර්ය වශයෙන්ද ශ්‍රී නිවාස හිමියෝ කටයුතු කරති.


කටුවන සීලානන්ද හිමි

යටිනුවර ගඟපළාත පේරාදෙනිය ඓතිහාසික ගන්නෝරුව රාජමහ විහාරය සහ ගන්නෝරුව උඩබෝමළුව පුරාණ විහාරද්වයාධිපති මල්වතුමහා විහාරයීය විශේෂ කර්මාචාර්ය යටිනුවර පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක අඹන්පොල විචිත්‍රභාණි ධර්මරක්‍ෂිත ශ්‍රී සරණපාල සුමංගල නායක හිමිගේ සහ පේරාදෙණිය ඒදඩුවාව පුරාණ විහාරාධිපති පොල්ගහමුල සිරිසුමන විද්‍යායතන පිරිවෙන් නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මාතලේ අරියධම්ම හිමිගේ පි‍්‍රය ශිෂ්‍ය පිළිමතලාව හීරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ මූලික ධර්මශාස්ත්‍රය හදාරා, මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනෙන් සහ පේරාදෙණිය ශ්‍රී භාරති විද්‍යායතනයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ අධ්‍යාපනය ලැබූ කටුවන සීලානන්ද ශිෂ්‍ය නම මැයි 21 වෙනි දින මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාර යේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ඇත. කටුවන සීලානන්ද හිමි පිළිගැනීමේ උත්සවය මැයි 22 සවස සවස 3.30 ට පැවැත්වෙන අතර සවස 2.00 ගන්නෝරුව තේශක්ති ආයතනය අසල සිට සීලානන්ද හිමි වැඩමවා ගත් පෙරහර පිටත්වේ.

සීලානන්ද හිමිට ආසිරි පතා සෙත් පිරිත් දේශනය විහාරාධිපති අඹන්පොල ශ්‍රී සුමංගල නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය විසින් සවස 5.30ට මෙහෙයවීමෙන් සිදුකෙරේ.


මහරගම වාපිකාරාමාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත පොන්නිලව රතනපාල හිමියන්ගේ ශිෂ්‍යවරුන් වන, පිටවෙල සෝභිත, සඳමඬුල්ලේ සුමනසාර, අරඹේපොළ රතනසාර, පුවක්මොටේ ධම්මානන්ද, පොන්නිලව පඤ්ඤානන්ද, ඇකිරියේ සුධම්මානන්ද යන සාමණේර හිමිවරු 2014 මැයි 16 දින මල්වතු මහා විහාරයේදීද,රද්දැල්ලේ හේමානන්ද සාමණේර හිමියෝ 2014 ජුනි 06 දින කෝට්ටේ රාජමහාවිහාරස්ථ උපෝෂථාගාරයේදීද උපසම්පදාව ලබති. උන්වහන්සේලා පිළිගැනීමේ උත්සවය මැයි 17 දින රඹුක්කන වල්පොළේ ශ්‍රී විජයසුන්දරාරාමයේදීද, මැයි 18 දින බොරලැස්ගමුව වාපිකාරාමයේදීද ශාස්ත්‍රපති පණ්ඩිත පත්බේරියේ විමලඤාණ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියෝ විශේෂ දේශනය පවත්වති.

ටී.ඩී. සිරිසේන

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]