UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ සමාජ දර්ශනය - අභ්‍යාසය - 7

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ සමාජ දර්ශනය - අභ්‍යාසය - 7

1 කොටස

1.(අ) බුද්ධ කාලීන භාරතයේ පැවැති ප්‍රධාන දේශපාලන ක්‍රම දෙක නම් කරන්න

(ආ) සිව්වණක් පිරිස තුළම සමාන කුසලතා වර්ධනය විය යුතු බව බුදුරජාණන් වහන්සේ අපේක්‍ෂා කළ සේක. එම කුසලතා අතුරෙන් දෙකක් නම් කරන්න.

2.(අ) බුදුදහම මව්පියන් හැඳින්වීමට භාවිත කළ ගෞරව නාම දෙකක් නම් කරන්න

(ආ) බ්‍රහ්මයා වෙත තිබෙන උසස් ගුණ හතරක් මව්පියන් වෙත තිබෙන බව බුදු දහම පවසයි. එම ගුණ හතර නම් කරන්න.

3.(අ) සත්ත්වයන්ට යහපත සැලසීමේ ගුණය පදනම් කොටගෙන පැවසුණු බුදු ගුණ දෙකක් නව අරහාදි බුදුගුණවල ඇතුළත් වේ .එම බුදුගුණ දෙක නම් කරන්න.

(ආ) වෘක්‍ෂයකට වුවද කළගුණ සැලකිය යුතු බව බුදුරජාණන් වහන්සේ සක්‍රිය ආදර්ශයක් මඟින් පෙන්වා දුන් සේක. ඒ සිද්ධිය කුමක්ද? සිදු වූයේ කිනම් අවස්ථාවකද?

4.(අ) පරමාදර්ශි බෞද්ධ ගිහි පාලකයා සහ ඔහු හා සම වන පැවිදි නායකයා නම් කරන්න.

(ආ) පරමාදර්ශි බෞද්ධ ප්‍රජා පාලකයා තමාට අවනත වන රාජ්‍ය සමූහයේ ස්වාධිපත්‍යය එලෙසම පවත්වාගෙන යෑමට ඉඩ සලසන බව ඔහු එකී රජුන්ට දෙන එක් අවවාදයකින් පැහැදිලි වෙයි. එම අවවාදය නම් කරන්න.

5.(අ) නියාම ධර්ම අතුරෙන් සදාචාර හේතුඵල සන්තතියක් සේ සැලකිය හැකි නියාම ධර්මය නම් කරන්න

(ආ) ‘යථාපි බමරො පුප්ඵං’ යන ගාථාව සම්පූර්ණයෙන් ලියා මින් භික්‍ෂු ජීවිතයට දුන් උපදේශනය කෙටියන් දක්වන්න .

6.(අ) මගධ රාජ්‍යයේ බලය ලබා ගැනීමට හා කෝසලයේ බලය ලබා ගැනීමට තම පියවරුන් ඝාතනය කිරීම, බල අරගලය නිසා දේශපාලන සදාචාරය පිරිහී ගිය ආකාරය ප්‍රකට කරන නිදර්ශන වේ. එම පාලකයන් දෙදෙනා පිළිවෙළින් නම් කරන්න.

(ආ) තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලබන මෝඩ මිනිසුන් අතර නොමරමින් හා නොමරවමින් දැහැමින් රාජ්‍යයක් පාලනය කළ හැකි දැයි බුදුරදුන් මෙනෙහි කළ විට මාරයා දුන් පිළිතුර කුමක්ද?

7.(අ) “ධම්මේන මාතා පිතරෙ භරෙය්‍ය” යන ගාථාව සම්පූර්ණ කර ලියන්න

(ආ) එම ගාථාවෙන් දෙන උපදෙස් ලියන්න

8.(අ) ජනගහනය වැඩි වන විට රජයකට මුහුණපෑමට සිදු වන මූලික ප්‍රශ්න දෙකක් නම් කරන්න.

(ආ) බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව මිනිසාගේ මූලික අවශ්‍යතා හතරකි. එම අවශ්‍යතා හතර නම් කරන්න.

9.(අ) විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් මිනිසාට සැප සැලසෙතත් එය මූලික කරුණු දෙකකින් තොර වූ විට ඉන් විපත් සැලසේ.ඒ කරුණු දෙක නම් කරන්න.

(ආ) ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස” යන ගාථාව සම්පූර්ණ කර ලියන්න

10. (අ) අයෝග්‍ය භාර්යාවන් කිහිප දෙනෙකු බුදු දහමේ දැක්වෙයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු නම් කරන්න.

(ආ) විවාහක යුවළක් වෙත සම මට්ටමින් තිබිය යුතු යැයි සැලකෙන ගුණ ධර්ම හතර නම් කරන්න.

පිළිතුරු

1.(අ) 1.රාජාණ්ඩුක්‍රමය 11.සමූහාණ්ඩුක්‍රමය

(ආ) ධර්මධර බව,විනීත බව

2.(අ) බ්‍රහ්ම, පුබ්බාචරිය

(ආ) මෙත්තා, කරුණා,මුදිතා, උපේක්ෂා

3.(අ) 1.අනුත්තරෝ පුරිසදම්ම සාරථි 11.සත්ථා දේවමනුස්සානං

(ආ) 1.අනිමිස ලෝචන පූජාව 11.බුද්ධත්වයෙන් දෙවන සතියේ

4.(අ) සක්විති රජ හා සම්මා සම්බුදුරජාණන් වහන්සේ

(ආ) රට පුරුදු පරිදි පාලනය කරන්න

5.(අ) කම්ම නියාමය

(ආ) යථාපි බමරෝ පුප්ඵං- වණ්ණගන්ධං අහෙඨයං

පලෙති රසමාදාය – එවං ගාමෙ මුනී චරෙ

සුභර යනු පහසුවෙන් පෝෂණය කළ හැකි තැනැත්තෙකු වන්න යන්නයි

6.(අ) 1..මගධයේ අජාසත්ත රජු 11. කෝසලයේ වීඩුඩභ

(ආ) පාලනය කළ හැකිය යන්නයි

7.(අ) ධම්මේන මාතා පිතරෙ භරෙය්‍ය

පයොජයෙ ධම්මිකං යො වණිජ්ජං

එතං ගිහී වත්තයං අප්පමත්තො

සයංපභො නාම උපෙති දෙවං

(ආ) ධර්මයෙන් ධනය උපයා මවුපියන් පෝෂණය කරන්න. දැහැමි වෙළෙඳාමෙහි යෙදෙන්න.මෙසේ අප්‍රමාදි බවෙන් යුතුව ගිහි ජීවිතය ගත කිරීමෙන් සහංපභ නම් දෙව්ලොව උපදියි.

8.(අ) නිවාස පහසුකම සැපයීම – අධ්‍යාපන පහසුකම සැලසීම

(ආ) ආහාරපාන,ඇඳුම් පැළඳුම්, වාසස්ථාන ,බේත්හේත්

9.(අ) ඤාණයෙන් තොර වීම, කරුණාවෙන් තොර වීම

(ආ) සබ්බේ තසන්ති දණ්ඩස්ස

සබ්බෙ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්වා

න හනෙය්‍ය න ඝාතයෙ

10. (අ) වධකයෙකු වැනි භාර්යාව ,හෙරක වැනි භාර්යාව ,අධිපතියෙකු වැනි භාර්යාව

(ආ) සද්ධා , සීල, චාග, පඤ්ඤා

11 කොටස

01.1 නීති පැනවීමේදී බුදුරදුන් විසින් අරමුණු දහයක් පදනම් කොට ගෙන ඇත.ඒවායින් හතරක් නම්කරන්න

11.බෞද්ධ සමාජ දර්ශනයේදී සමාජය දිශා 6 කට බෙදා දක්වා තිබේ. එම දිශා සමඟ දිසා නියෝජනය කරන පුද්ගලයන් නම් කරන්න.

111.සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන පරිදි ඔබ ඔබේ යහපත් මිතුරාට උපකාර කරන ආකාරයත්, මිතුරාගෙන් ඔබට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි උපකාර සැකවින් දක්වන්න.

02.1.භෞතික හා ජීව විද්‍යාත්මක නියාම ධර්ම 02 ක් නම් කරන්න.

11.රට සාරවත් කිරීමට හා ස්ථාවර කිරීමට සක්විති රජ ප්‍රතිපත්ති 04 අනුගමනය කරයි. එම ප්‍රතිපත්ති 04 නම් කරන්න.

111.දැහැමි රජකුගේ ක්‍රියාකාරකම් හා පෞරුෂ ලක්‍ෂණ 10 කි. ඒවා නම් කරන්න.

03. 1.අසංවිධිත පරිභෝජනයට ඇබ්බැහි වුණු පස් දෙනෙකු බෞද්ධ සාහිත්‍යයෙ සඳහන් වේ. එම පස් දෙනා නම් කරන්න.

11.උත්සහවන්තව නිෂ්පාදනයේ යෙදීමට උපදෙස් 08 ක් අංගුත්තර ඬකායේ දැක්වේ. එම කරුණු 08 සඳහන් කරන්න.

111. ‘ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය’ යන ගාථාව සම්පූර්ණ කරන්න.

පිළිතුරු

01.1.1 සංඝයාගේ සතුට පිණිස 2.සංඝයාගේ පහසුව පිණිස

3.වැරැදි කරන්නවුනට නිග්‍රහ පිණිස 4.හටගත් වැරැදි දුරු කිරීම පිණිස

11.නැගෙනහිර – මවුපියෝ
දකුණ – ගුරුවරු
බටහිර – අඹුසැමියෝ
උතුර – මිතුරෝ
යට - සේවකයෝ
උඩ – පැවිද්දෝ

111.පරිත්‍යාග කිරීමෙන්, පි‍්‍රය වචනයෙන්, දියුණුවට අනුබල දීමෙන් ,අර්ථචරියාවෙන් ,සමානත්වයෙන් සලකා ක්‍රියාකිරීමෙන්, අවංක බවින්, අවිසංවාදතා යුතුව තමා ක්‍රියා කරන විට මිතුරා ද අප්‍රමාදීව ක්‍රියාකරන විට ආරක්‍ෂා කරයි. එවැනි අවස්ථාවල ධනය රැකදෙයි. භීතියක් ඇති වූ විට රැක ගනියි. ආපදාවකදී අත්හැර නො යයි. පවුලේ අයටද සංග්‍රහ කරයි.

2.1.බීජ නියාමය හා උතු නියාමය

11.1.රජ පවුලේ සාමාජිකයන් බලසෙන් ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති පිරිස් ගම්වැසියන් පැවිදි පිරිස් සිවුපාවුන් හා කුරුල්ලන්ද ඇතුළු සියලු දෙනාට දැහැමි රැකවරණය ආරක්‍ෂාව සලසයි.

2.රටෙහි අධර්මය මර්දනය කරයි.

3.නිර්ධනයන්ට ධනය ලබාදී ආර්ථික සමෘද්ධිය ඇති කරයි.

4.ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් වෙතින් අනුසාසනා ලබා ගනිමින් ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි.

111. දානය,සීලය, පරිත්‍යාගය ,ඍජුබව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය,අවිරෝධතාව

03.1.ආහරහත්ථක,අලංසාටක,තත්‍රවට්ටක, කාකාමාසක, භුත්තවමිතක

11.1ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතු දේ දැන්ම කරන්න.

2.වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩය කළ කාලය තුළ අතපසු වූ වැඩක් ඇත්දැයි සොයා බලා එය ද කරන්න.

.ගමනක් යෑමට ඇති විට කළ යුතුව ඇති වැඩ අවසන් කරන්නට වෑයම් කරන්න.

4.ගමනක් ගොස් ආපසු ආ විට ඒ කාලය තුළ මගහැරුණු කටයුතු කරන්න.

5.ප්‍රමාණවත් ආහාරයක් නොලද අවස්ථාවේදි තවමත් මගෙ කය වැඩෙහි යෙදිය හැකිය. සැහැල්ලුය. දුබල වන්නට පෙර වැඩ කළ යුතු යැයි උත්සාහ කරන්න.

6.ප්‍රමාණවත් ආහාරයක් ගත් කල්හි දැන් ශරීරය ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න

7.මද ගිලන් බවක් දැනෙන විට රෝගය උත්සන්න වන්නට පෙර කළ යුතු වැඩ නිමකරන්නට උත්සාහ කරන්න.

8.රෝගයකින් සුවය ලද පසු රෝගී ව සිටි සමයෙහි අතපසු වූ වැඩ කරගන්නට වෑයම් කරන්න.

111. එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ

චතුත්ථං ච නිදාපෙය්‍ය - ආපදාසු භවිස්සති

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]