Print this Article


තලම්පිටියේ ශ්‍රී සුමංගලහිමි

තලම්පිටියේ ශ්‍රී සුමංගලහිමි

ආචාර්ය තලම්පිටියේ ශ්‍රී සුමංගල සමිඳුන්ගේ පැවිදි දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙනි

මහා පින්බර දිනක් එළඹි සිතේ සැනසුම සතුට පාවේ
විහා රය සිප හමන මඳනල ලබා දෙයි ගත සිතට ජීවේ
නහා ගිහි සැප පිනැති සමිඳුන් වසර පනහක් නිමා වූවේ
බහා ලමු අද හිමිගෙ පින් කඳ පිදෙන උපහර මංජු සාවේ

පිරුණු සිල්වත් කමයි හඳ රැදි මහා කරුණා ගුණය නිම නැත
ලගා කරගෙන තිබේ දැනුමක් කිසිවෙකුට සම නොවන පරි නත
ලබා දී නිති දහම් මී බිඳු අපේ උවසුන් උවැසියන් වෙත
නිතර ඔපවත් කළා සමිඳුන් අපේ පන්සල නමැති පින් කෙත

නිමා වක් නැති දහම් සයුරේ “විශාරද” තිරිපිටක වේදී
අමා ගගුලක කිමිදුනා මෙන් ලබා ගෙන වටිනා උපාදී
නමා පියවර එයින් නොනැවති කිරුලු දිනූ ‘ආචාර්ය’ ආදී
හමා ගොස් නැණ සුවඳ ඔබගේ පින් කෙතේ රන් කරල් පූදී

එදා විද්වත් බවින් ඔප වී කලා දේශන සරසවිය තුළ
මෙදා විදුහල්පති ලෙසින් සිට මෙහෙයවයි අපේ දහම් පාසල
රාජකීය වු රුවනකිය පඩි තලම්පිටියේ සිරි සුමංගල
සමිඳ ඔබගේ උතුම් මෙහෙවර කෙලෙස කවදා කරන්නද මිල

ගමේ පෙදෙසේ ජනීජනයා පැමිණි විට පිහිටක් පතා ගෙන
සමිඳු වටිනා දහම් උපදෙස් ලබා දෙයි ගත සිත නිවා ලන
සඳයි සමිඳුන් තරු කැකුලු ලෙස එකට එක් වී පෙදෙස සැම දෙන
රැක ගනිමු අභිමානයෙන් අපෙ සමිඳු අද මෙන් හෙටත් එළ ඹෙන

ගමට පෙදෙසට දිනිඳු ඔබ වේ කියා මුමුණන විහඟ ගීයයි
වෙහෙර දාගැබ බෝ මලුව සිප හමන මඳනල වන්ද නීයයි
සමිඳුගේ ශාසනික මෙහෙවර පනස් වසරක් සපිරිලා යයි
තලම්පිටියේ සිරි සුමංගල හිමිගෙ නාමය අමර ණීයයි

සෝමරත්න පතිරණ