Print this Article


කලංනායක සදහම් ආශ්‍රමයේ පින්කම්

කලංනායක සදහම් ආශ්‍රමයේ පින්කම්

කෑගල්ල, අඹන්පිටිය, කලංනායක, සිරි සදහම් ආශ්‍රමයේ අභිනව අටවිසි බුදු මැදුර හා බෝධිඝරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් මේ මස 30 වන දින එම විහාරස්ථානයේ දී ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇත.

එදින සවස 3.00 ට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා විහාරස්ථානයට වැඩම කිරීමේ මහා පෙරහරත්, එදින රාත්‍රි 7.00 ට පදලංගල ධම්මදේව හිමියන් විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වේ. මැයි මස 1 වන දින පෙරවරු 7.00 ට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා අභිනව කුටිවල තැන්පත් කිරීමේ මහෝත්සවයද එදින පෙරවරු 7.30 ට ප්‍රථම කිරි ආහාර පූජාව පැවැත්වේ.

එදිනම සවස 6.00 ට ගිලන්පස පූජාවක්ද, රාත්‍රි 7.00 ට පුණ්‍යානුමෝදනා විශේෂ ධර්ම දේශනාවක් පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් සිදු කරනු ලබන බව විහාරාධිපති පොළොන්නරුවේ ආනන්දසිරිහිමියෝ පවසති. අභිනව බෝ මළුවේ අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව මැයි මස 2 වන දින රාත්‍රියේ සිට පහන්වනතුරු පැවැත්වේ. 3 වැනිදා පෙරවරු 8 ට මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක් පැවැත්වේ.