UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක 2014 අප්‍රේල් 22 වන දා

අර්ථවත් කර ගනිමු

ගෙවී ගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිංහල බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරමින් සතුටෙන් ගත කරන්නට යෙදිණි.

අදට යෙදී ඇත්තේ බක් අව අටවක පොහොය දිනය යි.

බෞද්්ධ සංස්කෘතියේ පෝෂණයට සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගනිමින් එය අපගේ මතු පරපුරට ද උරුම කරදීම වත්මන් සමාජයේ වගකීමකි.

එවන් සංස්කෘතික දායාදයන් ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට හෙළ සිරිත් ආරක්ෂා කළ අපගේ මුතුන් මිත්තන් ඒ කළ උදාර මෙහෙවර ද ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.

බක් මහ ගෙවී යත්ම උදා වනුයේ වෙසක් මාසය යි.

වෙසක් දිනය යනු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පුජනීය ඓතිහාසික ආගමික දිනය යි. එවන් ආගමික දිනයකදී අපගේ ජීවිතය ආධ්‍යාත්මික සුවය සඳහාම යොමු කළ යුතුව ඇත.

වසරකට වරක් උදාවන වෙසක් පොහොය නිමිත්තෙන් දාන, ශීල, භාවනාදී පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වන අතරම බොදු ධජ නංවමින් වෙසක් පහන් කුඩු, වෙසක් තොරණ ආදියෙන් බාහිර වශයෙන් සැරසිලි කරමින් ද වෙසක් සැරසිළිවලින් අලංකාර කිරීමට ද යොමු වෙයි.

වෙසක් සැරසිලි දකින බලන කාහට වුවද එමගින් පහන් සිතිවිලි ජනිත කරවීමට වෙසක් සැරසිලි උපයෝගී කර ගත යුතු වේ.

“බෞද්ධ කොඩිය” යොදා ගනිමින් එහි විවිධ පාඨයන් ලියා දැක්වීමට ද කටයුත කරනු දක්නට ලැබිණි. වෙසක් සැමරීමේ දී බෞද්ධ කොඩියේ ගෞරවයට හානියක් වන කිසිවක් නොකිරීමට ද අපගේ වගකීම විය යුතුය.

ඇතැම් විට වෙසක් දන්සලේ දී, මහ මග යන එන අය දන්සල ළඟ නතර කර ගැනීමට ද බෞද්ධ කොඩිය උපයෝගී කර ගන්නා අයුරු වෙසක් සතියේ දී කලාතුරකින් හෝ දක්නට ලැබෙන්නකි.

දන්සල පැවැත්වීම ඉතා යහපත් ක්‍රියාවකි. එහෙත් ඒ යහපත් ක්‍රියාව සිදු කිරීමට යාමේදී අයහපත් ක්‍රියාවලට යොමුවීමෙන් වැළැකිය යුතුය.

වෙසක් සමය තුළ සිය මව්පිය, වැඩිහිටි, ඤාති මිත්‍රාදී බොහෝ දෙනාට තුනුරුවනේ ආශීර්වාදය පළ කිරීමට වෙසක් කාඩ්පත් යොදා ගැනීම ද අපගේ සිරිතක් ව පවතී. ඒ සඳහා අප යොදා ගත යුත්තේ ද බුදුරදුන්ගේ අසිරිමත් බුදුසිරිතේ සුවිශේෂි අවස්ථාවන් වේ. නැතහොත් තෙරුවන් ගුණ සිහි කැරෙන අවස්ථාවන් වේ. එසේත් නොමැති නම් අප රටෙහි සුවිශේෂී ආගමික සිද්ධස්ථානයක දසුනක් විය යුතුය.

බුදුසිරිත සිහියට නැගෙන කලාත්මක නිර්මාණ කොතෙකුත් පවතී. බෞද්ධයා හුරු පුරුදු විය යුත්තේ තමන් ආශීර්වාද පතන වෙසක් කාඩ් පතෙන් පවා සමාජයට යම් ආදර්ශයක් ද සැපයීමට ය. එසේ නොවුනහොත් වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරන බොහෝ දෙනාට ද එමඟින් මානසික පීඩා විඳීමට ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේට ගෞරවය දැක්විය යුතු සුවිශේෂී අවස්ථාවක කෙසේ වත් නිගරුවක් නොවීමට කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුකම හා වගකීම විය යුතුය.

වෙසක් පොහොය වෙසක් සතිය වැනි ආගමික අවස්ථාවකදී බෞද්ධයාගේ සිත් තව තවත් පහන් සිතිවිලි මගින් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිත සිහියට නගා ගත යුතුව ඇත.

එබැවින් ඊට මහෝපකාරී වන ක්‍රියාම සිදු කිරීම අපගේ අධිෂ්ඨානය විය යුතුය.

ඓතිහාසික වෙසක් උත්සවය සැමරීමට සූදානම් වන සමයේ අපගේ පෙර සූදානම ශ්‍රද්ධාව ගෞරවය ඇතිවන අයුරෙන් ම සිදුවිය යුතු හෙයින් බෞද්ධයා ඒ සඳහා බුද්ධිමත්ව සිතා බලා කටයුතු කිරීමෙන් වෙසක් සතිය අර්ථාන්විතව ගත කිරීමට පහසුවක් වනු ඇත.

 

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 22 වැනිදා අඟහරුවාදා
පූර්වභාග 02.30 ට ලබයි.
23 වැනිදා බදාදා පූර්වභාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 28 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]