Print this Article


කිරි වෙහෙරේ කිරි ඉතිරේ

කිරි වෙහෙරේ කිරි ඉතිරේ

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගෙන් කිරි ඉතිරීම අපේ‍්‍රල් මස 14 දින සිදුවීම මහා ආශ්චර්යමත් සිදුවීමක් බව සැදැහැවතුන් ප්‍රකාශ කරති.

14 වන දින අලුත් අවුරුදු චාරිත්‍රානුකූ®ලව ලිපි ගිනි මෙලවීම සිදුකළ යුතු අවස්ථාවේ කිරිවෙහෙර නැගෙනහිර දොරටුව සමීපයේ චෛත්‍යය මළුවේ කිරි ඉතිරවීමේ කටයුතු සිදුකරන ලදී.

එම ස්ථානයේ ලිප තබන ලද කිරි මුට්ටියේ කිරි ඉතිරෙන අවස්ථාවේම උදේ 10.20 ට පමණ කිරි වෙහෙර චෛත්‍යයේද නැගෙහිර දිසාව ප්‍රදේශයෙන් කිරි දහරාවක් ඉතිරෙන දුටු සැදැහැවතුන් සාධුකාර දීමට පටන් ගත්හ.

විනාඩි කීපයක් මෙසේ කිරි දහරාව පහළට ගලා ගොස් නැවතුණි. 15 දින උදේ 10.50 ට පමණ කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුුව මුහුණලා කිරිවෙහෙර කොත් කැරැල්ලට පහළින් කිරි දහරාවක් ඉතිරෙනවා දහස් සංඛ්‍යාත සහැදැවතුන්ට දැකබලා ගැනීමට හැකිවුණා. ඒ පිළිබඳව අදහස් දැක් වූ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන් අපේ‍්‍රල් මස 14 දින කිරිවෙහෙර නැගෙනහිර දොරටුව සමීපයේ හා 15 දින කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටු දිසාවන්හි චෛත්‍යයේ කිරි ඉතිරීම හාස්කමක් ලෙසින් දහස් සංඛ්‍යාත සැහැදවතුන්ට සියැසින් දැකබලා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දිනපතා සැදැහැවතුන් විසින් පුදසත්කාර පවත්වනවා. එම පුද පූජාවන් පිළිබඳව දෙවිවරුන් විසින් මෙවැනි හාස්කමක් දැකබලා ගැනීමට අවස්ථාවක් සලසා ඇති බව බොහෝ සැහැදැවතුන් ප්‍රකාශ කර සිටී. කිරිවෙහෙරින් කිරි ඉතිරීම පාලක පක්ෂයට ශ්‍රී ලංකාවාසී සැමට සෙතක් ශාන්තියක් උදාවෙන බව කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියෝ ප්‍රකාශ කළේය.