UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චිත්ත විවේකාශ්‍රම ගල්ලෙන් විහාරය

චිත්ත විවේකාශ්‍රම ගල්ලෙන් විහාරය

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව බල ප්‍රදේශයට අයත් වැරැල්ලගම, කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසමේ පිහිටි “දෝතු නැන්දාගේ ගල්ලෙන” නමින් ප්‍රකටව තිබූ මෙම ස්ථානය වර්තමානයේ හඳුන්වනු ලබන්නේ “චිත්ත විවේකාශ්‍රම ගල්ලෙන් විහාරය” යනුවෙනි.

මෙම ඓතිහාසික ගල්ලෙන කැලෑවෙන් යටවෙමින් පැවති අවස්ථාවල ග්‍රාමයේ සැදහැති පිරිස් විසින් වරින් වර හෙළි පෙහෙළි කරමින් වන්දනීය, පූජනීය ස්්ථානයක් ලෙසට පත් කරන ලදී. නැවතත් අභාවයට යමින් තිබුණු අවස්ථාවක දී කුරුඳුවත්ත වසමේ ග්‍රාම නිලධාරි තුමියගේ උපදෙස් පරිදි පිහිටුවා ගන්නා ලද මෛත්‍රී වැඩිහිටි සමිතිය මගින් වරින් වර ග්‍රාමයේ තරුණ පිරිසගේ ද සහයෝගය ඇතිව ශ්‍රමදාන කටයුතු කරමින් එම ස්ථානය දියුණු වී ප්‍රසිද්්ධියට පත්වුණි.

මෙම ස්ථානය අටවිසි බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින බෝධීන් වහන්සේ ඇතුළු බෝධි ප්‍රාකාරයකින් ද, කුඩා විහාර මන්දිරයකින් ද, ධර්ම ශාලාවකින් ද සමන්විත ය. අඩුවක්ව පැවති බුද්ධ මන්දිරයක් සහිත චෛත්‍ය රාජයන් වහන්සේ නමක් ද දැන් නිර්මාණය වෙමින් පවතී.

මෙවන් කාර්යයන් නිසා ප්‍රගතියක් ලබන චිත්ත විවේකාශ්‍රම ආරාමයට 2013 වර්ෂය අග භාගයේ දී මෙහෙණින් වහන්සේ නමකගේ ද සහයෝගය ලැබෙන්නට විය. එම ස්ථානයේ පදිංචි වී සෑම කටයුත්තකට ම උදව් උපකාර කරමින් දැනටත් වැඩ සිටින්නේ වාරියපොල සුජාතා මෙහෙණින් වහන්සේය. මෙම ස්ථානයේ ද ශීල සමාදාන, අටපිසි බුද්ධ පූජා, ගිලන්පස පූජා ධර්ම දේශනා, පිරිත් සජ්ඣායනාදිය සිදු කරනු ලැබේ. මීට අමතරව සැමගේ සුව සෙත පතා බෝධි පූජාදිය ද සිදු කරනු ලැබේ.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]