Print this Article


ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑය

 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑය

ශ්‍රීමත් අනගාරික ධර්මපාල විරුවාණන්ගේ 150 වැනි ජන්ම දිනය සහ අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 44 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අප්‍රේල් මස 06 වැනි දා සිදු කෙරේ.

පන්නිපිටිය – පැලැන්වත්ත වැලිපත ශ්‍රී සෝරත ධර්මායතනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සහ එහි අනුශාසක පන්විල සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දෙහිවල ජුලියන් පෙදෙසෙහි පදිංචි ශානිකා වීරතුංග මහත්මිය යන පවුලේ සැමගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී සෝරත ධර්මායතනයේ මෙම අනගාරික ධර්මපාල මහ සෑය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නා හිමියන්, සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ නායක මකුලෑවේ විමල නා හිමියන් සහ මාතලේ ධම්මකුසල මහ ලේඛකාධිකාරි නා හිමියන් ඇතුළු තෛ‍්‍රනිකායික මහ සංඝරත්නය සහ ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිත ය.