Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2014

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2014

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය 2014 ජූනි 06, 07, 08 යන දිනවල දී බලපිටිය, වැලිතර මහා කප්පින සීමාමාලක විහාරය යාබද ‘ස්වේජින්’ සීමාමාලකයේ දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව නිකායික සියලු භික්‍ෂු සංඝයා වෙත දන්වා සිටී.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේලා ලේඛකාධිකාරී නාහිමිවරු, මහා කප්පින සීමාමාලක විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගෙන, නිසිපරිදි සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මඟින් 2014 මැයි 05 දිනට පෙර එම ලිපිනයට ම ලැබෙන්නට සැළැස්විය යුතු ය. වැඩි විස්තර සඳහා 011 2561615 ආචාර්ය දිමියාවේ අමරවංස මහා ලේඛකාධිකාරී නා හිමි, 071 8361308 ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත සම ලේඛකාධිකාරී නා හිමි, 071 8467350 දර්ශනපති බලපිටියේ සිරිසීවලී සම ලේඛකාධිකාරී හිමි අමතන ලෙස ‘සුධර්මා’ කාරක සංඝ සභාවේ අනුමැතිය පරිදි දර්ශනපති බලපිටියේ සිරිසීවලී හිමියන් විසින් දන්වා සිටී.