Print this Article


පේරාදෙණිය ඒදඬුවාව පුරාණ විහාරයේ පින්කම්

පේරාදෙණිය ඒදඬුවාව පුරාණ විහාරයේ පින්කම්

පේරාදෙණිය ඒදඬුවාව පුරාණ විහාරස්ථාන දහම් පාසල් ගොඩනැගිල්ල, ධාතු මන්දිරය ධර්ම පුස්තකාලය සහිත තෙමහල් ධර්මශාලා සංකීර්ණය ඉදිකිරීම් කටයුතුවලට අධාර පිණිසත් ආශිර්වාදය ලබා ගැනීම් වස් මාර්තු 28, 29, 30 යන තෙදින තුළ විහාරාධිපති රාජකීය පණ්ඩිත පිරිවෙන්පති මාතලේ ආරියධම්ම හිමිගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

මව්වරුන් 200 ක් උපෝසථ ශීලයෙහි පිහිටුවීම, මාතෘ උපහාර පින්කම් සහ පිරිත් සජ්ඣායනා කිරීම එම වැඩසටහන් මාලාවට ඇතුළත් වේ. අභිනව ධර්ම ශාලාවේදී 15 නමක් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමත්, මීට වසර හයකට ඉහතදී අපවත් වී වදාළ දෙනුවර ප්‍රධාන සංඝනායක වෑගම ශ්‍රී රතනසාර නාහිමිට පින් අනුමෝදන් කිරීම ද වැඩසටහන් මාලාවක් ඇතුළත් වේ. - කේ. බණ්ඩාරනායක