Print this Article


ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික පුණ්‍ය මහෝත්සවය

ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගල්දූව ආරණ්‍ය සේනාසනයේ දී මාර්තු මස 26 දින සිට අප්‍රේල් මස 01 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක, අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත කඩවැද්දූව ශ්‍රී ජිනවංසාභිධාන නාහිමියන්ගේ 107 වැනි ජන්ම දින සංවත්සරය අප්‍රේල් 01 දිනට යෙදී ඇත. උන්වහන්සේට ලොව්තුරා බුදුබව පතා සතිය පුරා පුණ්‍ය කර්මය සිදු කරනු ඇත.

වත්මන් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති හා ප්‍රධාන අනුශාසක මහා කම්මට්ඨානාචාර්ය මහා ලේඛකාධිකාරී නා උයනේ අරියධම්ම නාහිමියන් පැවිදි ජීවිතයට ඇතුළත්වී වර්ෂ 57 ක් සපිරීම නිමිති කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි පතා එම පින්කම් මාලාව පැවැත්වේ. සියලු මහා සංඝරත්නයට ආශීර්වාද කිරීමද, සියලු දායක පින්වතුන්ට සහ සියලු ලංකාවාසීන්ට ආශීර්වාද කිරීම ද මෙහිදී සිදුවේ.

මාර්තු මස 26 දින උදේ 5.00 ට ක්‍ෂීරපායාස පූජාව, උදේ 8.00 ට සීල සමාදානය හා භාවනා පන්තිය ද, සවස 6.00 ට බෝධි පූජාව, බුද්ධ පූජාව, ආලෝක පූජාව, සෙත් පිරිත් දේශනයද, මාර්තු මස 27 දින අලුයම 4.00 ට පැවිදි පින්කම, අලුයම 5.00 ට ක්‍ෂීරපායාස පූජාව හා සීල සමාදානය, උදේ 9.00 ට පිණ්ඩපාත දානය (විශේෂ දානමය පින්කම) ද මාර්තු මස 27 දින සිට අප්‍රේල් 01 දින දක්වා දවස පුරා සීල සමාදානය, සවස බෝධි පූජාව සහ බුද්ධ පූජාව පැවැත්වේ. මාර්තු 31 දින සවස විශේෂ බුද්ධ පූජාව, බෝධි පූජාව හා සෙත් පිරිත් දේශනයද අප්‍රේල් 01 දින උදේ 9.00 ට පිණ්ඩපාත දානය, අපේ‍්‍රල් මස 01 දින උදේ 8.00 සිට සවස 2.00 දක්වා ලේ දන්දීමේ පින්කමද පැවැත්වේ.