Print this Article


උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත

උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන අම්බුළුගල සුමංගල හිමියන් විසින් රචනා කරන ලද ‘උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය මේ මස 23 වැනිදා සවස 2.00 කොළඹ 10 මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවැත්වේ.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත’ දොරට වැඩීමේ උත්සවය ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහ නා හිමිපාණන් සහ ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනු නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වෙති.