Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ සහ රුසියාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පල්ලෙකන්ද රතනසාර හිමි පිළිගැනීමේ උත්සවයක් වලස්මුල්ල විජයසිරිපුර ශ්‍රී පුෂ්පාරාමයේ දී පවත්වන ලදී. විශ්‍රාමලත් විදුහල්පති ඒ සමරසිංහ මහතා විසින්, ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලැබූ පල්ලෙකන්ද රතනසාර හිමියන්ට සමරු තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව
එස්. අමරසේකර – වලස්මුල්ල සමූහ

ආයුබෝවන් ෂෙං ලී” ලිපි මාලාව චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ අනුග්‍රහයෙන් තරුණි පුවත්පතේ පළ වූ ජනපි‍්‍රය විශේෂාංගයකි. එහිදී සතිපතා ඇසූ පාඨක පැනයට පිළිතුරු එවූ වාසනාවන්ත ජයග්‍රාහකයින් හතළිස් අට දෙනෙකුට වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව සැලසුණි. ඒ අනුව පාඨකයන්ට හිමි ත්‍යාග චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ අධ්‍යක්‍ෂිකා ෂෙංලී මහත්මිය සහ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ වංෂියාතුං යුවළ විසින් ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතාට පසුගිය දා නිල වශයෙන් භාරදෙනු ලැබූ මොහොතයි මේ. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහතා ද පසෙකින් සිටී.
ඡායා - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල