Print this Article


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා සිරිවර්ධනගේ තෙවන ගුණ සමරුව 26 දා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා සිරිවර්ධනගේ තෙවන ගුණ සමරුව 26 දා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බුදුසරණ හිටපු කර්තෘ දයා සිරිවර්ධන මහතාගේ තෙවැනි ගුණානුස්මරණය මෙම මස 26 වැනි දා ට යෙදී තිබේ.

ගුරවරයකු පත්‍රකලාවේදියකු හා පත්‍ර කර්තෘවරයකු වශයෙන් සමාජ මෙහෙවරක යෙදුණු දයාසිරිවර්ධන මහතා මෙරට කීර්තිධර මහා පත්‍ර කලාවේදියාණන් කෙනෙකුන් වූ පියසේන නිශ්ශංක සූරීන් හා එක්ව බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ය.

එතුමන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම නිමිතිකොට ඒ මහතා පදිංචිව සිටි නයිවල දයා ශ්‍රී නිවසේ මෙම මස 27 වැනි දා සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.