Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තංගල්ල නොටොල්පිටියේ පදිංචි චන්ද්‍ර ලලිත් ජයවීර යන අය ආමාශයේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ශල්‍යකර්මයකට ද භාජනය කර ඇත. දැනට මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා යටතේ ප්‍රතිකාර ලබයි.

ඖෂධ එන්නත් සඳහා විශාල මුදලක් වැයවෙන බැවින් පාසල් යන දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහුට ප්‍රතිකාර සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.ඔබගේ පරිත්‍යාගය ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587 ට බැර කරන ලෙසත් 071 7591159 දුරකථනයෙන් වැඩි විස්තර විමසිය හැකි බවත් දන්වයි.
 


නුගේගොඩ, මිරිහාන, බුවනෙකබා මාවත අංක 34/36 හි පදිංචි විදානෙලාගේ ඉන්දුක මානෙල් ප්‍රනාන්දු යන අය මුල්ලේරියාව බප/ජය ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරන අතර වකුගඩු රෝගයකින් පීඩා විඳී. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිදේශ කර ඇත.

36 වියේ පසුවන ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්”(O+)  වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 071 8011937 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මත්තක, බබරවාන පාර, ගොඩඋඩ ගෙදරහි පදිංචි එන්.පී.දයාවතී (අවු.45) මිය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳී. ඇය කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි. ඇයට “ ඒ, ඕ” නෙගටිව්, පොසිටිව් හෝ “ඕ පොසිටිව්, නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකථන අංක 0776284851 හෝ 078 2929963 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.