Print this Article


යාගොඩ ධර්මප්‍රභ හිමියන්ගේ අනුස්මරණ ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය

යාගොඩ ධර්මප්‍රභ හිමියන්ගේ අනුස්මරණ ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය

පට්ඨාන ධර්ම සභාව මඟින් වසරක් පාසා සිදුකරනු ලබන ශිෂ්‍යාධාර පිරිනැමීමේ පින්කම පට්ඨාන ධර්ම සභාවේ ප්‍රධාන අනුශාසක කොරතොට වෙස්සභු හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා අනුරාධපුර ඉසුරුමුණිය පාරේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තෝරාගත් දහම් පාසල්වලින් හයවැනි ශ්‍රේණියේ සිට දහවැනි ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනෙකුට සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්‍ෂූන් වහන්සේලා 25 නමකට ද ශිෂ්‍යාධාර පිරිනමන ලදී. ශිෂ්‍යාධාර වශයෙන් පාසල් සිසුන්ට අවශ්‍ය උපකරණ සහ ඉංගී‍්‍රසි, සිංහල ශබ්දකෝෂ, ධම්ම පදය වැනි පොත් ද පරිත්‍යාග කළ අතර ස්වාමීන් වහන්සේලාට ඉගෙනීමට අවශ්‍ය වන දහම්පොත්, ලිපිද්‍රව්‍ය හා අනෙකුත් පිරිකර භාණ්ඩ පූජා කළ අයුරු.