UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහනුවර සිරි සිදුහත් භික්‍ෂු පදනම සහ සිරිමහ බෝ පදනම මඟින් නවවෙනි වතාවටත් මෙවර මහ බෝ වන්දනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ථූපාරාම චෛත්‍ය මළුවෙන් පිටත් වූ මහ බෝ පෙරහරේ වැඩමවාගෙන යනු ලැබූ මහා කප්රුක් දෙකක් පළමු රන්වැටේ පැළැඳ විය. උඩරට අමරපුර නිකායේ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නා හිමි ප්‍රධානත්වයෙන්, ජයසිරිමහ බෝ සමිඳු අභියසදී පවත්වන ලද මහා බෝධි පූජා පින්කමට සහභාගි වූ සිරි සිදුහත් භික්‍ෂු පදනමේ මහා සංඝරත්නයේ කොටසක් මෙහි වෙති.
කේ. බණ්ඩාරනායක

නව පිරිවෙන් පත්වීම් 250 ක් ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනවාරි 17 දා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා විසින් එහිදී අදාළ පත්වීම් ප්‍රදානය කළ අවස්ථාව. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්‍ෂ (සැලසුම් හා පාලන) වටිනාපහ සෝමානන්ද හිමියෝද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කරන ලද “නමෝ බුද්ධාය 6, 7” ග්‍රන්ථ ද්විත්වය සහ “මිහිඳු රාජ ප්‍රශ්නය – 2” අලුත්ම බෞද්ධ ග්‍රන්ථය පසුගියදා පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා උන්වහන්සේට පිළිගැන්වූ අයුරු. එම අවස්ථාවට දමයන්ති ජයකොඩි, මාලි පීරිස්, සුජාතා රත්නාවලී ගුණතිලක යන මහත්මීහූ ද සහභාගී වූවාය.

බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ නැසීගිය පුවත්පත් කලාවේදී දයාසිරිවර්ධන මහතා විසින් “බුදුන් වහන්සේගේ දේශනා ක්‍රම ආශි‍්‍රත ජනසන්නිවේදන විධි” කෘතිය හා එතුමන් විසින් සංස්කරණය කරන ලද “ධම්මික සමඟ ධම්ම සාකච්ඡා i හා ii ” වෙළුම් හි නවතම මුද්‍රණය පසුගිය දා එළි දැක්විණි. එම කෘතියෙහි නවතම පිටපත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අරලියගහමන්දිරයේ දී දයාසිරිවර්ධන මහතාගේ පුත් සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චන්දන දයාසිරිවර්ධන මහතා පිළිගැන්වූ අයුරු.
ඡායා - නිශ්ශංක ද සිල්වා

 
 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]