UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දුම්රිය නිවාස කොතලාවලපුර, රත්මලාන බී/29/බී නිවසේ පදිංචි ජී.උදිත ඉසිර කුමාර (අවු.29) යන අය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරු දන්වා ඇත. ඔහුට බද්ධ කිරීමට “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන අතර එයට පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන අංක 0776110315, 071 3838775 අමතන ලෙස ඉල්ලීමක් කරයි.


අංක 2, දෙවන පටුමග, ලියනෑගම, ඇඹිලිපිටිය පදිංචි 28 හැවිරිදි ජී.එල්. ශ්‍යාමලි යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. “ඒ, බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ආර්. ලැනරෝල් මහතා සහතික කර ඇත. පරිත්‍යාගශීලි අයෙක් වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටියි. ලේ පිරිසුදු කිරීමද සතියට දෙවතාවක් කරන බැවින් විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා උපකාර කරන ලෙස ඉල්ලා සිටියි. මහජන බැංකුව ගි.අං. 045 – 2 – 001 – 3 6287627, (ජී.එල්.රංජනී) ගිණුමට මුදල් බැර කළ හැක. 077 4617583, 071 2875218 දුරකථනයෙන් වැඩි විස්තර දැන ගත හැකිය.


රත්නපුර හරහා පල්ලේබැද්ද, කොස්වැටිය, කික්තවැල්පත පාර, අංක 242 හි පදිංචි යසිරු බණ්ඩාර (අවු. 2 ) දරුවා මේ වන විට ශ්‍රවණාබාධ රෝගයෙන් පෙළේ. ඔහු සුවපත් කර ගැනීම සඳහා “කර්ණ සංඛ බද්ධ” ශල්‍යකර්මය කළයුතු බවට ළමා රෝග විශේෂඥ වෛද්‍ය කේ.ඩී.ආර්. ඒ. කිරිහේන මහතා දන්වා ඇත.

ඔහුගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර මවද රැකියාවක් නොකරයි. ශල්‍යකර්ම සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ආධාර පතයි. ගොඩකවෙල මහජන බැංකුව ගිණුම් අංක 245 – 2 – 001 – 2 – 0049307 (කේ.එල්.එච්. දයාවතී) ගිණුමට මුදල් බැර කළ හැක. වැඩිවිස්තර දුරකථන අංක 071 3654625 දැන ගත හැක.


දීර්ඝ කාලයක සිට වකුගඩු ආබාධයකින් පෙළෙන යුද හමුදා සිවිල් සේවිකාවක් ලෙස රාජකාරී නිරතව සිටින අවු. 49 ක් වයස ඇති ඇලදුව, පයාගල පදිංචි එම්. සිරියලතා මහත්මියට “ බී පොසිටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0714169363, 0716215609 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


උල්ගලයාය වැල්කෙනියා ගෙඩකවෙල තිදරු මවක් වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසිර් මහතා නිර්දේශ කරයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන 072 3864332, 071 4278554 අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.



 


නාරාහේන්පිට පදිංචි ටී.ඩී. පල්ලියගුරු මහතා (අවු. 48) දැනට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් අයෙකු වේ නම් 0777 770134 දුරකථනයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]