UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අභිනව විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අභිනව විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් අපවත්වීමෙන් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට කොබවක ධම්මින්ද හිමියන් පත්විය.

කළුතර දිස්ත්‍රික්කයේ කොබවක ගම්පියස තම ජාත භූමිය කර ගනිමින් ඩබ්.ඒ.පී. වීරකෝන් මහතා හා එල්. පුංචිනෝනා මහත්මිය යන දෙපළට දාව 1974.04.19 දින පින්වත් කුමරා මෙලොව එළිය දුටුවේ ය. සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවන්නා වූ ඒ කුමරුන් කුඩා කල පටන් පවට බිය දහමට නැඹුරු වූ සිත් ඇත්තෙක් විය. කොබවක කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරමින් තම ගමේ විහාරස්ථානයෙන් දහම් අධ්‍යාපනය ලබමින් සිටියදී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1986 වර්ෂයේ දී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පැවිදිවිය.

ධම්මින්ද සාමණේරයන් වහන්සේට ධර්ම විනය යන දෙඅංශයෙන්ම මනා අධ්‍යාපනයක් ලබාදීම සඳහා හොරණ විද්‍යාරත්න පිරිවෙනට ඇතුළත් කරන ලදී. එහිදී මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත්ව විශ්වවිද්‍යා අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී බාහිර උපාධි පාඨමාලාව හදාරන ලදී.

1996.10.06 දින ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගන්නා ලදී.

ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් අපවත්වීමෙන් පසුව නාහිමියන්ගේ ප්‍රධාන පැවිදි ශිෂ්‍ය කොබවක ධම්මින්ද හිමියන් 2013.12.19 දින කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත්විය. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය කතරගම කිරිවිහාරය කඳසුරිඳුගම විහාරමහාදේවි සෑය, කතරගම ආසිරි බෝධීන් වහන්සේ, පානදුර බෝධි චේතියාරාමය යන විහාරයන්හි විහාරාධිපති පදවියට පත්වූ කොබවක ධම්මින්ද හිමියන්ට ශාසනික හා සාමාජික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරමු.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]