Print this Article


බලපිටියේ ආනන්ද තිස්ස නා හිමි ජන්ම දින පින්කම්

බලපිටියේ ආනන්ද තිස්ස නා හිමි ජන්ම දින පින්කම්

අම්බලන්ගාඩ මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරාධිපති බම්බලපිටියේ ආනන්ද තිස්ස දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ගේ ජන්ම දින උන්වහන්සේට සෙත් පතා වසරක් පාසා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කරන මහා පුණ්‍යකර්මය මෙවරද 25 වැනි වරටත් මේ මස 17 – 18 යන දිනයන්හි සිදු කෙරේ. 17 වැනි දින සවස 06.30 ට ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන ගිලන්පස පූජාව 18 වැනි දින දවල් 10.30 ට ශ්‍රී දළදා සමිඳුන් උදෙසා විශේෂ මුරුතැන් පූජාව සිදුකොට අනතුරුව මල්වතු, අස්ගිරි උභය විහාරීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සඟරුවන වෙත සඟසතු දානය පිරිනැමීම සිදු කෙරේ.