Print this Article


බෝධි පූජා පින්කම

බෝධි පූජා පින්කම

පන්නිපිටිය, බ්‍රාහ්මණගම, පැපිලියවල අභිනවයෙන් ආරම්භ කරන ලද ශ්‍රී අරහත් මහින්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු ආශිර්වාද බෝධි පූජාව මේ මස 14 දින පස්වරු 6ට පැවැත්වෙන බව මධ්‍යස්ථානාධිපති දබරයායේ සමිත හිමියන් දන්වා ඇත.

එදින පස්වරුවේ ශ්‍රී මහ බෝධි අංකුරයක්, සර්වඥ ධාතුන් වහන්සේ, සහ බුද්ධ ප්‍රතිමා පස්නමක් නව බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩමවා බෝධි අංකුරය මධ්‍යස්ථාන භූමියේ රෝපණය කිරීම පන්නිපිටිය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන හිමිපාණන් අතින් සිදුකෙරේ.