Print this Article


පෝදා පින්කම්

පෝදා පින්කම්

අටමස්ථානාධිපති නා හිමියන්ට උවසු උවැසියන්ගෙන් උපහාර

මහාවිහාර පොහොය වැඩ සටහනට පස් වසරක් පිරීම නිමිත්තෙන් එම පොහොය වැඩ සටහනේ නිර්මාතෘ අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට තෙවැනි වරටත් උපහාර දැක්වීමට පොහොය වැඩ සටහනට සහභාගි වන උවසු උවැසියෝ සැරසෙති.

මෙම උපහාර දැක්වීම නවම් පුන් පොහොය දින පෙරවරුවේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහා විහාර සන්නිපාත ශාලාවේදී සිදු කිරීමට නියමිතය.

ජයසිරිමහ බෝ සෙවණේදී පෙහෙවස් සමාදන්ව පුර පසළොස්වක පොහොය දවස ගත කිරීමට මෙරටට නන් දෙසින් බෞද්ධ ජනතාව පැමිණීම අතීතයේ සිට සිදුවිය. එම සැදැහැතියන් සඳහා මහාවිහාර භූමිය තුළ අංග සම්පූර්ණ පුර පසළොස්වක පොහොය වැඩ සටහනක් ක්‍රියාත්මක නොවීම බලවත් අඩුපාඩු වූ අතර ඒ නිසා පෙහෙවස් සමාදන් වූ පින්වතුනට හරියාකාර ව ශීල භාවනා කටයුතුවල යෙදීමට නො හැකි විය.

එම තත්ත්වය වෙනස් කොට මහාවිහාර භූ®මිය තුළ විධිමත් පුර පසළොස්වක පොහොය වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2009 පෙබරවාරි මස නවම් පුර පසළොස්වක පොහොය දින ඇරැඹිණි.

එදින සිට සෑම පුරපසළොස්වක පොහොය දිනයක දී ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස පිහිටි මහාවිහාර සන්නිපාත ශාලාවේදී මහාවිහාර පොහොය වැඩ සටහන් පැවැත්වෙයි.

පුන් පෝ දින පෙරවරු 6.00 ට ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානයෙන් ඇරැඹෙන මහාවිහාර පොහොය වැඩසටහන පසුදින පෙරවරු 6.00ට ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල පවාරණයෙන් අවසන් වෙයි. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පොහොය වැඩසටහනට ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා සහ බෝධි පූජා ඇතුළත් වේ. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 - 7.15 -සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව - රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, 8.00 - 9.00 - ධර්මානුශාසනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 9.00 - 10.00 - ධම්මපදයෙන් - පිටිපන ශාසනරතන හිමි, 10.00 - 11.00 - භාවනාව සහ අනුශාසනාව - ගම්පහ පාසාදික හිමි, 11.00 - 11.15 - බුද්ධ පූජාව - පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.30 - 1.30- සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ - කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 - 2.45 - ධර්ම සාකච්ඡාව - දර්ශනපති - මඩිහේ සුගතසිරි හිමි, 3.00 - 4.00 - ධර්ම දේශනාව පානදුරේ පසන්න හිමි, 4.00 - 5.00 - ගිහි දේශනය - මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කඳපොලආරච්චි මහතා - 5.00 - 6.00 ධර්ම දේශනය - වේරදුවේ මහින්ද හිමි, 6.00 - 6.30 - අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම - සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ නවම් පෝ දින පෙරවරු 6.00 සිට පසුදින 6.00 දක්වා දාන, සීල, භාවනා ඇතුළු පින්කම් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ ‘වීතදෝශි’ සංවිධානය කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් සඳහා වෑගල්ලේ රාහුල, දළුගම සමිතඥාන, බුන්කන්දේ රතනජෝති වේවැල්දූවේ ධම්මකිත්ති, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල හිමිවරුන් සහ ගාල්ලේ සුධම්මාචාරි දසසිල් මාතාවද වැඩම කරනු ලැබේ. විශේෂ දේශනය - පර්සි විජේරත්න මහතා.


හොරේතුඩුව ගංගාරාමය

අළුයම 5.00 - සෙත්පිරිත් දේශනය, පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 9.00 රූපවාහිනි ධර්ම දේශනාව (අරලිය ගහ මැදුරේ සිට විකාශනය වන) 10.00 - භාවනාව - මහියංගණයේ විශාඛා දම්මසිලා මෙහෙණින් වහන්සේ, 11.00 දවල් බුද්ධ පූජාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනාව (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) 2.00 - ධර්ම සාකච්ඡාව - අත්තඩියේ නිහාල් පෙරේරා මහතා, 3.30 ධර්ම දේශනාව - කළුබෝවිල පදුම හිමි, 4.00 - භාවනාව - කෝලිත හෙට්ටිගේ් මහතා, 5.00 ධර්ම දේශනාව - මොරටුවේ සද්ධානන්ද හිමි, 6.00 මහා බෝධි පූජාව - විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 - 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව - ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 7.45 - 11.15 - භාවනාව සහ ධර්ම දේශනාව - තපෝවනයේ සුමේධ හිමි, 11.30 - ගවයින් නිදහස් කිරීමේ පින්කම හා එහි අනුශාසනාව - පලාතොට පඤ්ඤානන්ද හිමි, 3.00 - 4.00 - ධර්ම දේශනාව - මොරකැටිආරේ ධම්මික හිමි, 4.15 - 5.15 - ධර්ම දේශනාව - යගිරල විමල හිමි, 5.30 - 6.30 - ජාතක කථා දේශනාව - යටවර ඤාණසිරි හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය - අනුශාසනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 - 7.30 තෙරුවන් ගුණ සජ්ක්‍ධායනාව, 8.15 - 9.30 - භාවනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.30 - 11.00 - ධර්ම දේශනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 - 11.30 - තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 - 1.00- සූත්‍ර සජ්ක්‍ධායනාව, 1.00 - 2.00- ධර්ම දේශනාව, 2.00 - 3.30 - ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මා හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 - 6.00 - ධර්ම දේශනාව - කහගොල්ලේ සෝමවංස නා හිමි, රාතී‍්‍ර 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


තෙලවල විජයරූපාරාමය

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 - 7.30 - උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති නා හිමි, පෙරවරු 8.30 - 9.30 භාවනාව- වඳුරඹ ඤාණාලෝක හිමි, 9.30 - 10.30 - කාව්‍යමය ධර්ම දේශනාව - හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන්, 10.45 -පස්වරු 12.00 සම්බුද්ධ පූජාව - දම්පහල ඤාණිසුධීර හිමි, 12.30 - 2.00 - ගිහි දේශනාව, බී. ආසිරි රාජපක්ෂ මහතා, 2.00 - 3.00 ජාතක කථා දේශනාව - ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 - 4.00 - ධර්ම දේශනාව - නිමල්ගොඩ සද්ධාවිහාරි හිමි, 4.00- 5.00- මහපිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම හා අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදුකිරීම ධර්මායතනාධිපති නා හිමියන්.

පෙරවරු 10.30 ‘බුදුසරණ පත්‍ර’ බෙදාදීම දේවාලපාර, කටුබැද්ද හි පදිංචි අශෝකා පීරිස් මහත්මිය විසිනි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පැවැත්වේ. පෙරවරු 8.00 - 10.00 භාවනාව - පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව, 10.00 - 11.00 ධර්ම දේශනාව කුමාරතැන්නේ චන්ද්‍රානන්ද හිමි, 11.00ට දවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 - 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි, 2.15 - 5.00 භාවනාව පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මාතාව, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි.

මෙදින ධර්ම දානය වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ් ඉඩම්පිටිය මහත්මිය විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි, 8.00 – 9.00 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව - පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ – අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම - ආචාර්ය ලීල් ගුණසේකර මහතා, 3.00 – 4.00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති මුගුණුවටවල සිද්ධත්ථ හිමි, 4.15 – 5.00 – ධම්මපදය - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, අලවතුපිටියේ සංඛිත්ත හිමි, 8.00 – 9.00 භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව - කඳුරුපොකුණේ ධම්මාලෝක හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව යාලගමුවේ මංගල හිමි, මීගොඩ මධුභානි හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, මාගම සුජාත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව - මහාචාර්ය පාතේගම ඤාණිස්සර නා හිමි, 3.00 – 3.45 - ධර්ම දේශනය – දර්ශනපති මඬිහේ සුගතසිරි නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය – මීගොඩ සුඛිත හිමි, 5.00 – 6.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 - බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 - 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, ශ්‍රී ජයශේඛරාරාමාධිකාරි රජවත්තේ වප්ප හිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 - 9.00 භාවනාව, රජවත්තේ වප්ප හිමි, 9.15 - 10.15 ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 - 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 - 12.30 බුද්ධානුස්සති භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 - 3.15 - ධර්ම දේශනාව, කෙසෙල්පොත සුමනවංශ හිමි, 3.30- 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව - ගල්වලයායේ සුගතරංශ හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි 6.45 - 7.45 සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව , 8.00 - 9.00 රාත්‍රී ධර්ම දේශනාව (පටිගත කරන ලද)


නාවිමන ගිරිකන්දරාරාම පුරාණ රජමහා විහාරය

පෙරවරු 6.00 - 7.00 කිරි ආහාර බුද්ධ පූජාව- විහාරාධිපති ශාස්ත්‍රපති යටලමත්තේ විපස්සි හිමි, 8.30 - 9.30 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති යටියල සෝමතිලක හිමි, 9.45 - 10.45 - භාවනාව, පස්වරු 1.00 - 1.30 - සෙත් පිරිත් සජ්ක්‍ධායනය, 2.00 - 3.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති බෙරලපනාතර ශාන්ත හිමි, 3.30 - 5.00 සූත්‍ර ධර්ම දේශනාව, සංයුක්ත නිකාය ඇසුරෙන්, 5.30 - 6.00 - වන්දනා, 7.00 - 8.00 බෝධි පූජාව.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 උපෝසථ සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව - සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 - ධර්ම දේශනය තෙරිපැහැ මේධංකර හිමි, 10.30 ධර්ම දේශනය - හටංගල අමරවංශ හිමි, 11.30 දවල් සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 පිරිත් සජ්ක්‍ධායනය සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසි සග රුවන සමඟින් සිල් පිරිස 1.15 - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියැවීම - විජේසිරිවර්ධන මහතා, 3.00 ධර්ම දේශනය - කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, 4.00 ධර්ම දේශනය - රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රී 7.00 බුද්ධ පූජාව සහ බෝධි වන්දනාව - සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝ රත්නය. මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දීමේ දායකත්වය අමරා ගමගේ්, එච්. රත්නලතා, කාන්ති ලියනගේ , දුලානි පලිහදැරු, මාලනී පේ‍්‍රමතිලක සහ සිරිමා පැලවත්ත යන මහත්මීහු විසිනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 - බුද්ධ පූජාව, 8.15 - භාවනාව, 9.15 ධර්ම දේශනාව, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 12.30 - ධර්ම සාකච්ඡාව - ගුණදාස හල්ගමුගේ මහතා, 1.15 -ධර්ම දේශනය, 2.15 - ධර්ම දේශනාව, 4.00 ධර්ම දේශනාව, 5.00 බෝධි පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 - සිල් පවාරණය.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නවම්පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පුජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව කතරගම වැඩසිටිකන්ද පාර ශ්‍රී සද්ධාසෝම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී නවගමුවේ මෛත්‍රී නා හිමියන් විසින් කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහ විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීමට අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කෙරේ.

(ඊ.එච්.සෝමපාල, කතරගම විශේෂ)


කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය

අලුයම 05.30 ට කිරි ආහාර පූජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භය. පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව, දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව දොඩන්දූවේ සිරිකර හිමි, 11.00 –11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, 12.30 –2.00 ධම්සභා මණ්ඩපය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා, මෙහෙවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, පස්වරු 2.00 – 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්මදේශනාව නාවෙලගම අමිතදස්ස හිමි, ප.ව. 4.30 – 5.30 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.


මාතර උයන්වත්ත වාලුකාරාම විහාරය

බඹරැන්දේ රාහුල මා හිමිගේ අනුශාසනා පරිදි පෝදා දවස පුරා රොටුඹ සෝමරතන, බෙලිඅත්තේ රතනසාර, තවලම සුමනරතන, බටුවිට නන්දවංශ, බුත්තල බෝධිසීහ, එප්පාවල තිලෝකනාථ යන ස්වාමීන් වහන්සේලා ආගමික වැඩසටහන මෙහෙයවති.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරය

පෙරවරු 6.00 – 7.00 ශීල සමාදානය භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ ආචාර්ය කුරුදුගහගොල්ලේ විසුද්ධි හිමි, 9.00 – 10.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්ම දේශනාව, 10.00 – 11.00 ආරාධිත දේශනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුනේෂ් ගුණතිලක මහතා, පස්වරු 01.00 – 02.30 භාවනා ශාන්ත ජෝතිවංශ මහතා, 03.00 – 04.00 ධර්මදේශනාව අතුරුගිරිය ආර්ය නිකේතනයේ අනුශාසක මාවරලේ භද්දිය හිමි, 04.00 – 05.00 ධර්මදේශනාව බලපොකුණ පුරාණ විහාරාධිකාරී සමන්ඵලයේ පියදස්සී හිමි, 05.00 – 05.45 බුද්ධ පූජාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 7.00 බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා 7.00 – 7.45 අටසිල් සමාදන් කරවීම හා අනුශාසනාව ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමි, 8.30 – 9.00 භාවනාව සමරවර්ධන නිශ්ශංක මයා, 9.00 – 10.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී කවුඩු පැලැල්ලේ ඉන්ද්‍රජෝති නා හිමි, 10.00 – 11.00 “බොදු දිවියට සැනසිලි මග“ කථිකාචාර්ය එස්.එම්.කේ. සිරිවර්ධන මහතා, පස්වරු 1.00 – 1.45 ධර්ම උපදේශනය ධර්මවේදී ශාස්ත්‍රවේදී ඇම්.ආර්. මද්දුම බංඩාර මයා 2.00 – 3.00 “ජීවිතය සහ බුදු දහම” දේශනය ශාස්ත්‍රපති එම්.එල්.ඒ. පියසේන මහතා, 3.00 – 4.00 ධර්ම සාකච්ඡාව මහින්ද කරුණාරත්න මහතා, එම්.එල්.ඒ. පියසේන මහතා, එස්.එම්.කේ. සිරිවර්ධන මයා, බී.එම්.එස්.බී. බස්නායක මහතා, 4.00 – 5.00 ජාතක කතාව ආශි‍්‍රත ධර්ම දේශනය පන්නල ආනන්ද හිමි. පස්වරු 5.00 සිල් පවාරණය සහ වැඩසටහන නිමාව.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මඩවල ධම්මික ජිනවංශ නා හිමි, දෙහිගස්පේ සිරි විමල, ගම්මැදගම චන්ද්‍රජෝති, ජුලම්පිටියේ සෝමින්ද, දිවුලම්පිටියේ සුසිත ජුලම්පිටියේ සෝමින්ද, පල්ලාවෙල කාව්‍යශ්‍රී සුධීර හිමි රොටුඹ සෝමරතන යන හිමිවරු පින්කම් මෙහෙයවති. ධර්මාචාර්ය ලක්ෂ්මන් බණ්ඩාර රාජපක්‍ෂ, නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන් දෙසුම් පවත්වති.