Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පිරිත් පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පිරිත් පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ සාමාජිකත්වය ලබමින් සිට මිය ගිය සියලුම සාමාජික සාමාජිකාවන්ට හා රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, දැනට ජීවත්ව සිටින සාමාජිකත්වයට නිදුක් නිරෝගී සුව පැතීම අරමුණ ඇතිව වසරක් පාසා පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය මෙම මස 13 වෙනි දින බෞද්ධ මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණ.

‍ ත්‍රිපිටකවේදී පොතාණේ ධම්මානන්ද මාහිමිගේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබූ මෙම පිරිත් දේශනයෙන් අනතුරුව පොහෝ දින උදෑසන සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් සහ දහවල් මහා සංඝරත්නය වෙනුවෙන් සපිරිකර හා සෙසු පිරිකර සහිත දානමය පින්කමක් ද සිදු කැරේ.