Print this Article


ධම්මදීප පදනමෙන් සද්ධාර සේවාවක්

ධම්මදීප පදනමෙන් සද්ධාර සේවාවක්

කොළඹ 07, සරණපාරේ, නාරද මන්දිරයේ පිහිටි ‘ධම්මදීප පදනම’ විසින් උතුරුමැද පළාතේ වකුගඩු රෝගයට යම් විසඳුමක් ලෙස ජලය පිරිසුදු කරන යන්ත්‍ර 38ක් පසුගිය 25 වැනි දා තෝරාගත් පාසල් 20 කට පිරිනැමුණි.

රුපියල් එක්ලක්‍ෂ හතළිස් හතර දහසක් වටිනා යන්ත්‍ර 25 ක් හා රුපියල් තිස්හත්දහස බැගින් වටිනා යන්ත්‍ර 14 අමරපුර ශ්‍රී ධර්ම රක්‍ෂිත නිකායේ අභිනව මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද මා හිමියන්ගේ මූලිකත්වයෙන් හා තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා පිරිනැමිණි.