Print this Article


තරුණ වියයි බුදුදහමයි - අංක 06

සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් උපදේශ

ධම්මචරියා යන්නෙන් අර්ථවත් වන්නේ දැහැමි හැසිරීමයි. තමන් අදහන ආගමට දහමට අනුව චර්යාවන් සකස්කර ගනිමින් දිවිගෙවීම ධම්මචරියා යන්නෙන් පහදා දෙයි. සාර්ථක විවාහ දිවියට දැහැමි හැසිරීම අවශ්‍යම කරුණකි. විවාහයට පත් දෙදෙනාම පඤ්චසීලය පිළිපදිමින් සිල්වත් වීම සමසීල යන ගුණයෙන් සමන්විත වනවා මෙන්ම දැහැමි හැසිරීමද ඇති කරයි. ස්වාමියා බිරිඳට අවංක වියයුතුය. බිරිඳ ස්වාමියාට අවංක විය යුතුය. විශේෂයෙන් දෙදෙනා අතර රහසක් නොතිබිය යුතුය. තම ඕනෑ එපාකම් දෙදෙනා එක්ව කතා කළ යුතුය. රුචි අරුචිකම් තේරුම් ගත යුතු ය. එයින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිවන අතර දැහැමි දිවිපෙවතට එය මඟ විවර කරයි.

ගියවර අපගේ අවධානය යොමු වූයේ සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් ගත හැකි උපදේශයන් පිළිබඳ විමසා බැලීමටයි. එහි දී අප සාකච්ඡා කළේ කරුණු කිහිපයක් පමණි. මෙවර ද අපගේ අවධානය යොමුවන්නේ මහා මංගල සූත්‍රයේ සඳහන් ඉතිරි කරුණු සාර්ථක විවාහ දිවියකට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි.

ධම්මචරියා

ධම්මචරියා යන්නෙන් අර්ථවත් වන්නේ දැහැමි හැසිරීමයි. තමන් අදහන ආගමට දහමට අනුව චර්යාවන් සකස්කර ගනිමින් දිවිගෙවීම ධම්මචරියා යන්නෙන් පහදා දෙයි. සාර්ථක විවාහ දිවියට දැහැමි හැසිරීම අවශ්‍යම කරුණකි. විවාහයට පත් දෙදෙනාම පඤ්චසීලය පිළිපදිමින් සිල්වත් වීම සමසීල යන ගුණයෙන් සමන්විත වනවා මෙන්ම දැහැමි හැසිරීමද ඇති කරයි. ස්වාමියා බිරිඳට අවංක වියයුතුය. බිරිඳ ස්වාමියාට අවංක විය යුතුය. විශේෂයෙන් දෙදෙනා අතර රහසක් නොතිබිය යුතුය. තම ඕනෑ එපාකම් දෙදෙනා එක්ව කතා කළ යුතුය. රුචි අරුචිකම් තේරුම් ගත යුතු ය. එයින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිවන අතර දැහැමි දිවිපෙවතට එය මඟ විවර කරයි.

ඤාතකානඤ්ච සංගහෝ

ඤාතකානඤ්ච සංගහෝ යන්නෙන් අර්ථවත් කරනුයේ තම ඥාතීන්ට කරනු ලබන සැලකිලි හා සත්කාරයන්ය. සාර්ථක විවාහ දිවියක් ගෙනයෑමට තවත් අවශ්‍යම කරුණකි ඥාතීන්. සමාජයේ දිවි ගෙවන විට අපට ඥාතීන් අවශ්‍යම වේ. විශේෂ ඥාති සම්බන්ධතා ඇතිවනුයේ විවාහයත් සමඟය. මව් පාර්ශ්වයෙන් හා පිය පාර්ශවයෙන් පමණක් ඥාතීන් සිටින සියලු දෙනාට විවාහයත් සමඟ අලුත් ඥාතීන්ගේ එකතුවක් ඇති වේ. බිරිඳට ස්වාමියාගේ පාර්ශ්වයේ පිරිස අලුතින් ඥාතීන්වන අතර ස්වාමියාට බිරිඳගේ පාර්ශ්වයෙන් අලුත් ඥාති සම්බන්ධතා ගොඩනැගේ. මෙසේ දෙපාර්ශ්වයෙන්ම එකතු වන අලුත් ඥාතීන්ට ස්වාමියත්, බිරිඳත් දෙදෙනාම තමාගේම ඥාතීන් ලෙස සැලකිය යුතු ය. එය එසේ නොවුවහොත් බොහෝ විට පවුල තුළ ගැටුම් ඇතිවීමට හේතුවන කරුණකි.

අනවජ්ජානි කම්මානි

මේ ඥාති සංග්‍රහය බොහෝ අවස්ථාවල ස්වාමියා තමාගේ ඥාතීන් ලොකු ලෙන්ගතුකමක් දක්වන අතර බිරිඳගේ ඥාතීන්ට එතරම් සැලකිල්ලක් නොදක්වයි. එවිට බිරිඳට ඇතිවන්නේ කනගාටුවකි. තරහකි. බිරිඳ ද තම ඥාතීන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමට කැමතිවන අතර ස්වාමියාගේ ඥාතීන් නොසලකා හරියි. මෙය ස්වාමියා නො ඉවසන කරුණකි. මෙසේ තම තමාගේ ඥාතීන්ට විශේෂ වශයෙන් සැලකීමට පෙළඹීම තුළින් පවුල තුළ ඇතිවන්නේ ගැටුම්කාරී තත්ත්වයකි. එබැවින් බුදුදහමින් ඤාතකානඤ්ච සංගහෝ යන්නෙන් අවධාරණය කරන්නේ දෙපාර්ශවයේම ඥාතීන්ට සමව සැලකීමයි. එසේ සලකමින් කටයුතු කරන පවුල් තුළ සමඟිය මෙන්ම දියුණුව ඇතිවන අතර දෙපාර්ශ්වයේම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලැබේ.

අනවජ්ජානි කම්මානි යන්නෙන් අර්ථවත් කරන්නේ නිවැරදි ක්‍රියා ඇත්තෙකු වීමයි. දහමට අනුව කායික වාචසික හා මානසික යනුවෙන් අප කරන ක්‍රියාවන් ත්‍රිවිධාකාර වේ. සාර්ථක විවාහ දිවියකට අඹු සැමි දෙදෙනාගේම මේ ත්‍රිවිධාකාර වූ ක්‍රියාවන් යහපත්වීම වැදගත් වෙයි. එනම් කයින් සිදුකරන ප්‍රාණඝාතය, සොරකම හා පරදාර සේවනය යන ත්‍රිවිධ කායික දුශ්චරිතයන්ගෙන් ද බොරුකීම, කේලාම් කීම, ඵරුෂවචන කීම හා හිස්වචන කීම යන සිව්වැදෑරුම් වාචසික දුශ්චරිතයන්ගෙන් ද තරහව නොදැනීම හා වැරදි වැටහීම යන ත්‍රිවිධාකාර මානසික දුශ්චරිතයන්ගෙන් වෙන් වීම යන මේ කාරණා අනවජ්ජානි කම්මානි යන්නෙන් මෙහි දී අවධාරණය කරයි. මෙසේ අඹු සැමි දෙදෙනාම මේ අයහපත් පැවැත්මෙන් වෙන්වී යහපත් පැවැත්මක් ඇතිකර ගැනීම තුළින් නිර්මාණය වන්නේ අතිශය සාර්ථක විවාහ දිවියකි.

ආරති විරති

ආරති විරති යන්නෙන් අදහස් කරන්නේ අකුසලයන්ගේ සිත නොඇලීම හා වරදින් වෙන්වීමයි. සාමාන්‍යයෙන් පුහුදුන් සිතක ස්වභාවය වන්නේ ආශාකරන දේ පිළිබඳ ඇලීමයි. විශේෂයෙන්ම අකුසල කර්මයන්ගේ ඇලීමට පි‍්‍රය කරති. සාර්ථක විවාහ දිවියකට ලජ්ජාව හා බිය අනිවාර්යයෙන්ම තිබිය යුත්තකි. ලජ්ජාව බිය ඇති කරගත යුතු වන්නේ පව්වැඩ හෙවත් අයහපත් දේ කිරීමටය. විශේෂයෙන්ම අකුශලයන්ගේ සිත ඇලවීමට ලජ්ජාවිය යුතු ය. බිය විය යුතු ය. තමාගේ ගරුත්වය, ලෝකාපවාදය සමාජ අසම්මතය පිළිබඳව කල්පනා කොට අකුසලයන්ගෙන් සිත නිදහස් කරගත යුතුය. වැරදි දෙයින් වෙන්විය යුතු ය. අඹු සැමි දෙදෙනාම මෙලෙස අකුශලයන්ට හා වරදට ලජ්ජාවෙන් බියෙන් ඒවායෙන් වෙන්වීමෙන් මඟ පාදනුයේ සාර්ථක විවාහ දිවියකටයි.

මජ්ජපානා ච සඤ්ඤමෝ

මජ්ජපානා ච සඤ්ඤමෝ යන්නෙන් අදහස් වන්නේ මදයට, ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමයි. වර්තමාන සමාජයේ පවුල තුළ ඇතිවන බොහෝ ගැටලුවලට හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයයි. ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිතය විලාසිතාවක් ලෙස කරගෙන යති. තවත් සමහර අයෙක් මත්ද්‍රව්‍ය භාවිත නොකිරීම සමාජයේ ජීවත්වීමට කැපී පෙනීමට අඩුවක් ලෙස සලකයි. මෙසේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිලමුදල් නාස්තිවීම, තම කටයුතුවල ප්‍රමාදය, විවිධ රෝගවලට ගොදුරුවීම හා පවුලේ වියවුල්, ඇතිවීම ද සිදුවේ. බොහෝ අය මත්ද්‍රව්‍ය භාවිත කරනුයේ තම ජීවිතයේ ප්‍රශ්න අමතක කිරීමේ අදහසින්ය. එහෙත් එයින් සිදුවනුයේ ප්‍රශ්න අමතකවීම නොව තවත් ප්‍රශ්න ඇතිවීමකි. ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ විකල් වූ සිහියෙන් නොව ප්‍රකෘති සිහියෙනි. එබැවින් විශේෂයෙන් මත්ද්‍රව්‍ය වලින් වැළකීමෙන් යහපත් සෞඛ්‍යයක්, පී‍්‍රතිමත් පවුලක් මෙන්ම ගුණගරුක දරුවන් ද නිර්මාණය කර ගත හැක.

අප්පමාදෝ ච ධම්මේසු

අප්පමාදෝ ච ධම්මේසු යන්නෙන් අදහස් කරන්නේ කුශල් දහමෙහි අප්‍රමාදිව කටයුතු කිරීමයි. සමහර අය බොහෝ දේවල්වලට ප්‍රමාදය පුරුද්දක් වශයෙන් පවත්වාගෙන යති. සාර්ථක ජීවිතයේ දී ප්‍රමාදය ඉවත් කළ යුතු ය. නියමිත වේලාවට තම වැඩකටයුතු ආරම්භ කිරීම මෙන්ම අවසන් කිරීම ද දිවිය සැහැල්ලුවෙන් හා පී‍්‍රතියෙන් ගෙවීමට හේතුවේ. විශේෂයෙන් කුසල් දහම් කෙරෙහි ප්‍රමාද වීම නොකළ යුත්තකි. ලද සෑම අවස්ථාවකම පින් දහම් කළ යුතු ය. සිල් සමාදන් වීම බඹසර හැසිරීම සිදුකළ යුතු ය. ඊට හේතුව අපේ ජීවිතය කුමන අවස්ථාවක අවසන් වේ දැයි කිසිවෙකුට කිව නොහැකි බැවිනි. විශේෂයෙන් විවාහ දිවියේ දී අඹු සැමි දෙදෙනාම කුසල් දහම් කෙරෙහි නොපමාව කටයුතු කළ යුතු ය. ස්වාමියා කුසල් දහම් කෙරෙහි මැලිකමක් දක්වන්නේ නම් බිරිඳ ඒ පිළිබඳ උනන්දුවිය යුතු ය. කුසල් දහම් කෙරෙහි ස්වාමියා දිරිමත් කළ යුතු ය. බිරිඳ කුසල් දහම් කෙරෙහි මැලිකමක් දක්වන්නේ නම් ස්වාමියා ඒ පිළිබඳ උනන්දුවිය යුතු ය. කුසල් දහම් කෙරෙහි බිරිඳ දිරිමත් කළ යුතු ය. මෙසේ දෙදෙනාම කුසල් දහම් කෙරෙහි නොපමාවීම තුළින් සාර්ථක විවාහ දිවියක් ගොඩ නැ‍ෙගයි.

ගාරවෝ

ගාරවෝ යන්නෙන් අදහස් කරන්නේ නිසි ගරුසරු දැක්වීමයි. විවාහ දිවියේ දී බිරිඳ ස්වාමියාටත්, ස්වාමියා බිරිඳටත් නිසි අයුරින් ගරුසරු දැක්විය යුතු ය. බිරිඳ විසින් තම ස්වාමියා තමා ඉදිරියේ සිටිනවිටත් තමා ඉදිරියේ නැතිවිටත් කයින්, සිතින්, වචනයෙන් යන ද්වාරත්‍රයෙන්ම මෛත්‍රී කළ යුතු ය. ගෞරවයෙන් සෙනෙහසින් කටයුතු කළ යුතු ය. ස්වාමියා විසින් ද එසේම අනුගමනය කළ යුතු ය. පිරිස් ඉදිරියේ තම ස්වාමි දියණියට අපහාසයක් වන අයුරින් නො හැසිරිය යුතු ය. අපහාසවන කතා නොකළ යුතු ය. බිරිඳ ද එසේමය. තම ස්වාමියාට අපහාස, අගෞරව වන අයුරින් කිසි ලෙසක නොහැසිරිය යුතු ය. තම ස්වාමියාගේ දොස් බිරිඳ විසින් අන්‍යයන් සමඟ නොකිය යුතු ය. ස්වාමියාද තම බිරිඳගේ දෝෂයන් අන්‍යයන් සමඟ නොකිය යුතු ය. දෙදෙනාම තම තමාගේ ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම තුළින් යහපත් මෙන්ම ශක්තිමත් විවාහ දිවියක්ගොඩනැඟේ.

නිවාතෝ

නිවාතෝ යන්නෙන් අදහස් කරන්නේ යටහත් පහත් පැවැත්මයි. මෙයින් අදහස් කරන්නේ එක්කෙනෙක් තවකෙනෙකුට යටත්ව සිටීම නොව, සැමියා හා බිරිඳ යන දෙදෙනාම ඔවුනොවුන්ගේ අදහස්වලට ගරුකරමින් ඇහුන්කන් දෙමින් කටයුතු කිරීමයි. ස්වාමියා බිරිඳට සවන්දිය යුතු ය. ඇය යමක් කියනවිට එය ඕනෑකමින් ඇසිය යුතු ය. එය බිරිඳ කෙරෙහි ස්වාමියාගේ යටහත් පහත් පැවැත්මයි. බිරිඳ ද ස්වාමියාට සවන්දිය යුතු ය. ඔහු කියන දේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය. සමහර විට කාර්යාලයේ වැඩපළේ විවිධ ප්‍රශ්න ඇතිවිය හැක. එවැනි දේ ස්වාමියා තමා සමඟ කියන විට ඕනෑකමික් සවන් දී, එම ප්‍රශ්න නිරාකරණය සඳහා තම උපරිම අයුරින් කටයුතු කළ යුතු ය. එය ස්වාමියාට කරන ගරුත්වයකි. යටහත් පහත් පැවැත්මකි. මේ තුළින් පවුල තුළ අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම ගරුත්වයද රැකෙන අතර නිරවුල් පවුල් ජීවිතයක් පවත්වාගෙන යෑමට අවස්ථාව උදාකර දෙයි.

මතු සම්බන්ධයි


තරුණ වියයි බුදුදහමයි - අංක 05 නිතර භාවිතා කරන සම්බුද්ධ දේශනාව