Print this Article


වටගෙදර විමලබුද්ධි නා හිමි අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ අනු නායක පදවියට

වටගෙදර විමලබුද්ධි නා හිමි අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ අනු නායක පදවියට

මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති වටගෙදර විමල බුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා රත්මලාන මල්ලිකාරාමයේදී පවත්වන්නට යෙදුණු අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ කාරක සභාවේ අනුමැතියෙන් එම නිකායෙහි අනුනායක ධුරයට පත්වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම උපාධිය ලැබූ උන්වහන්සේ භාරතයේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද එසේම ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත්තාහ.

මීට අමතරව ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සංස්කෘත විෂය සඳහා මුළු දිවයිනෙන්ම ප්‍රථමයාට පිරිනැමෙන මාපා ගුණරතන ත්‍යාගයද හිමිකර ගත්හ.

එසේම අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිධාරි වූ උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා පිළිබඳ සම්මාන සාමාර්ථයක් සහිත පුරාවිද්‍යා ඩිප්ලෝමාව ද ලබා ඇති අතර දැනට පුරාවිද්‍යා විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණ නිබන්ධනයක යෙදී සිටිති.

ග්‍රන්ථ කර්තෘවරයෙකු , ගුවන් විදුලි හා රූපවාහිනී ධර්මදේශයකු ලෙසද ප්‍රසිද්ධියක් දරන උන්වහන්සේ මහරගම සිරි පඤ්ඤාලංකාරාමයේ විහාරාධිපතින් වහන්සේය.