Print this Article


ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමියෝ මහා නායක ධුරයෙන් පිදුම් ලබති

ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමියෝ මහා නායක ධුරයෙන් පිදුම් ලබති

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නිකායේ මහානායක ධුරය සඳහා ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන් (22) රත්මලාන මල්ලිකාරාමයේදී පැවැති විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී තෝරාගනු ලැබූහ. නව මහානාහිමි ධුරයට පත් ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන් මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ ශිෂ්‍යයන් වහන්සේ නමකි. එමෙන්ම බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයද හොබවති.