UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වළකුඹුරුමුල්ල ශ්‍රී ධර්මරාජ දහම් පාසල

වළකුඹුරුමුල්ල ශ්‍රී ධර්මරාජ දහම් පාසල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් වළකුඹුරුමුල්ල ශ්‍රී නන්දනාරාම විහාරස්ථ ශ්‍රී‍්‍ර ධර්මරාජ දහම් පාසල පුරා දශක හයකට අධික කාලයක සිට ප්‍රදේශයේ බොදු දරු දැරියනට දහම් අධ්‍යාපනය ලබාදෙන දහම් නිකේතනයකි.


දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය

1953 පමණ විහාරාධිපති ධුරය දැරූ සත්කෝරලයේ මිණිපහන යනුවෙන් විරුදාවලිය ලත්, සත්කෝරලයේ සාහිත්‍ය ප්‍රබෝධය නංවාලීම සඳහා උරදුන් රකුපොල ආනන්ද නා හිමියන් විසින් මේ දහම් පාසල ආරම්භ කරන ලදී.

වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 120 කි. ප්‍රදේශයේ උගත් බුද්ධිමත් ගුරුවරු පිරිසක් නිස්සරණාධ්‍යාසයෙන් දරු දැරියන් සුමගට යොමු කරවීමෙහිලා ප්‍රයත්න දරති.

අතුරුගිරියේ අනුරුද්ධ හිමි (ප්‍රධානාචාර්ය) එදිරිසිංහ මැණිකේ, වී.ජී. එන්. විතාරණ ,කේ.පී. සීලින්, අමාලි සංජීවනී. රංජනී කුසුමලතා, වාසනා සන්ධ්‍යාරත්න, පැතුම් සේනාධීර , ශානිකා නිසංසලා චමල් සේනාධීර, කෞශල්‍යා ගයාත්‍රි, ඉරේෂා දිල්රුක්ෂි , මධුෂා නිදර්ශනී යන මහත්ම මහත්මීන් දහම් ගුරුවරු ලෙස සේවයේ නියැළී සිටිති.

වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය ශීල සමාදාන, ධර්මදේශනා,අවුරුදු උත්සවය, පොසොන් බැති ගී ඇසළ තොරණ, මිහිඳු පෙරහර ආදී විවිධ ශ්‍රමදාන වැඩ සටහන් වර්ෂය පුරා ක්‍රියාත්මක වේ.

සෑම පුර පසළොස්වක පොහොය දිනකම දරු දැරියෝ සහ දහම් ගුරුවරු සිල් සමාදන් වෙති. වත්මන් විහාරාධිකාරි ප්‍රධානාචාර්ය අතුරුගිරියේ අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ දහම් ගුරුවරුන්ගේ අප්‍රතිගත ධෛර්ය මත අඛණ්ඩව දහම් පාසල පවත්වා ගෙන යනු ලබයි.




දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්ද දහම් දැනුම ලබාදීම මෙහි විශේෂත්වයකි. රටට,ජාතියට සෙත්පතා වළකුඹුරුමුල්ල ගම්වාසීන් සහ දහම් පාසල එක්ව අසූහතර දහසේ පහන් පූජාවක් සහ ධර්මදේශනා මාලාවක් පෙබරවාරි මස 20,21,22 සහ 23 දිනවලදී එම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පදලංගල ධම්මදේව, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මාවරලේ භද්දිය, අක්මීමණ ධම්මපාල යන හිමිවරුන් දහම් දේශනා පවත්වනු ලබති. අපවත් වී වදාළ රකුපොල ආනන්ද නාහිමිපාණන් නමස්කාර පූර්වකව සිහිපත් කරමු.

දහම් පාසලේ පැවැත්මට නිරතුරුව අවවාද අනුශාසනා ලබාදෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, විහාරාධිපති ඉලිප්පදෙණියේ සීවලී නා හිමි, දහම් පාසල් සංවර්ධන කමිටුව, විහාරස්ථ දායක සභාව, ඛනිජතෙල් කර්මාන්ත ඇමැති නීතිඥ අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ප්‍රදේශයේ සමාජ සේවිකාවක වන එදිරිසිංහ මැණිකේ ගුරු මාතාව ප්‍රමුඛ සියලුම දානපතියන් කෘතවේදීව සිහිපත් කරමු.

 

 

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]