Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරලැස්ගමුව, වේරහැර, අංක 333/1 හි පදිංචි ටෙක්ලා ගයනි තිසේරා අවු. 26 යන අය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “බී” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන අංක 071 9091926, 071 9391194 (බොතේජු) ඇමතීමෙන් වැඩි විස්තර දැන ගත හැක.


දෙද්දුවාවල නාකුළුගමුව අංක 138 පදිංචි අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවන් දෙදෙනෙකුගේ පියකුට “ඒ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් දුරකථන අංක 0714685488 – 071 8166748 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


උල්ගලයාය වැල්කෙනියා ගෙඩකවෙල තිදරු මවක් වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසිර් මහතා නිර්දේශ කරයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන 072 3864332, 071 4278554 අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.