Print this Article


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ ගුණ සමරු පින්කම් මාලාව

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ ගුණ සමරු පින්කම් මාලාව


තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද
හිමි

තෙල්ලඹුරේ අරියවංස
හිමි

කොක්මාදුව සරණපාල මා හිමි

ගලතරේ සෝමරතන හිමි

කොක්මාදුව අරියකිත්ති හිමි

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පලල්ල, වට්ටක්කගොඩ ශ්‍රී නිදංගලාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිට වසරකට පෙර අපවත් වී වදාළ වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්මාදුව අරියකිත්ති මාහිමියන්ගේ හා එයට පෙර අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මා හිමි, තෙල්ලඹුරේ අරියවංස මාහිමි, කොක්මාදුව සරණපාල මා හිමි, ගලතරේ සෝමරතන මාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ හා මිය ගිය සැමට පින් අනුමෝදන් කරවීම සඳහා සංවිධානය කළ ගුණසමරු පින්කම් මාලාව මෙම මස 30 වන දින සිට පෙබරවාරි මස 02 වන දින දක්වා කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

දිනපතා පිළිවෙලින් කහගොල්ලේ සෝමවංශ, හක්මන මධුරධම්ම, පොතුපිටියේ වජිරවංශ හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වෙන අතර පෙබරවාරි මස 02 වන දින සඟ සතු මහා දානයක් පූජා කෙරේ. විහාරාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර නාහිමියන්ගේ අනුශාසනා මත එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.