UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසූ එක්වන වියට පා තබන කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

අසූ එක්වන වියට පා තබන කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි

දහම් පොත පත කියවීමත්, ධර්මය ගැන ලිවීමත්, ධර්මය දේශනා කිරීමත් කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වී ඇත. සිල්වත්, ගුණවත් මහ තෙරනමක් ලෙස බුහුමන් ලබා ඇති කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ බුරුමය, නේපාලය වැනි රටවලද විහාරස්ථාන ඉදිකරවා ඒ සඳහා සිය ශිෂ්‍ය හිමිවරුන් යොදවා ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් සේවාවක් සලසති.

උන්වහන්සේගෙන් දහම් පදයක් නොඇසූ කෙනෙක් නොමැති තරම්ය. ගුවන් විදුලිය,රූපවාහිනිය පුවත්පත් ආදිය තුළින් පමණක් නොව ගම් දනව් සිසාරා දහම් දෙසුමට වෙහෙස මහන්සි නොබලාම වැඩම කරවීමද උන්වහන්සේගේ සිරිතය.

වෙසෙසින්ම දහම් දෙසුමේදී උන්වහන්සේටම ආවේණික වූ ළඟන්නා වූ ස්වර රටාවකින් හෙබි විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරවාදරයට පාත්‍රවී වැඩ සිටින සංඝ පීතෘන් වහන්සේ නමකි.

ගල්කිස්ස ධර්මපාලාරාමය, කතරගම උපාලි ධර්මාශ්‍රමය යන උභය විහාරාධිපති අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති “ධම්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී” විනයාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ශෝභන ශ්‍රී‍්‍ර සුමංගල විද්‍යාවංශ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය දිවි මගෙහි අසූ එක් වන වියට පා තබති.

සිය දිවි මගෙහි පහළොස්වන විය ගත කරද්දී 1948 අගෝස්තු 17 වනදා ගල්කිස්ස ධර්මපාලාරාමයේදී උණවටුනේ ධම්මපාල මාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ පැවිදි බිමට පත්විය.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ 1954 ජූලි 10 වැනිදා අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිසිල් ලැබූහ.

දහම් පොත පත කියවීමත්, ධර්මය ගැන ලිවීමත්, ධර්මය දේශනා කිරීමත් කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වී ඇත.

සෑම මොහොතකම දුරකතනයට එන සියලු පණිවුඩවලට ‘මේ කථා කළේ ‘ යනුවෙන් කාරුණිකව අමතන කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ දිනපතා තමන් වහන්සේ හමුවීමට පැමිණෙන සෑම දෙනාටම හමුවීමට හැකි අයුරින් විහාරස්ථානයේ වැඩ වාසය කරති.

සිල්වත්, ගුණවත් මහ තෙරනමක් ලෙස බුහුමන් ලබා ඇති කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ බුරුමය, නේපාලය වැනි රටවලද විහාරස්ථාන ඉදිකරවා ඒ සඳහා සිය ශිෂ්‍ය හිමිවරුන් යොදවා ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් සේවාවක් සලසති.

බොහෝ සමිති සංවිධාන රැසක අනුශාසක ධුරය හොබවන උන්වහන්සේ ගමේ පැල්පතේ සිට රජමැදුර දක්වා සරල සුගම බස් වහරකින් දහම් දෙසන ආදර්ශවත් යතිවරයෙකි.

අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරය පස් වසරක් හෙබ වූ උන්වහන්සේ 2007 වසරේදී මියන්මාර් රාජ්‍යය වෙතින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන්ද කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ පිදුම් ලැබූහ. සම්භාවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස ආදර්ශවත් පැවිදි දිවියක් ගත කරන කොටුගොඩ ධම්මාවාස අනුනායක හාමුදුරුවෝ එවකට කුඩා විහාරස්ථානයක් ව පැවැති ධර්මපාලාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළහ.

නිහතමානිත්වයෙන් සිය පැවිදි දිවිය ශෝභාමත් කරගත් කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවහසක් ජනතාවගේ දහම් පිපාසය සන්සිදුවන්නට පුරා හැට හය වසරක පැවිදි දිවිය ගත කර ඇත. කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කවදත් මහත් ජන ප්‍රසාදයෙන් වැඩ සිටින සංඝ පීතෘන් වහන්සේ නමක් වෙති.

සසුනඹර දිදුලන මිණි පහනක් බඳු කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම 26 වනදා සිය දිවි ගමනේ අසූ එක් වන වියට පා තබති.

රට, දැය සමය වෙනුවෙන් අපමණ නිහඬ මෙහෙවරක යෙදී වැඩ සිටින අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුනුරුවනෙහි අනන්ත ගුණ බලයෙන් ශත වර්ෂාධික කාලයක් වැඩ වසන්නට කායික මානසික ශක්තිය ලැබේවා. ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා.

 

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]