Print this Article


බෙංගමුවේ නාලක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සලෙන් ගමට වැඩසටහනක්

බෙංගමුවේ නාලක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සලෙන් ගමට වැඩසටහනක්

අඩු ආදායම්ලාභී සිංහල බෞද්ධ පවුල්වල දරුවන් උදෙසා විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් හඳුන්වාදිමට ‘පන්සලෙන් ගමට’ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

මෙම දරුවන් සඳහා අභ්‍යාස පොත් හා අධ්‍යාපනික උපකරණ කට්ටල බෙදා දීමත් වැඩිහිටියන් සඳහා ඉංගී‍්‍රසි උපකාරක පන්ති පැවැත්වීමත් මෙම වැඩපිළිවළට ඇතුළත් ය.

පවුලක තුන්වැනි දරුවාට අපොස සාමාන්‍ය පෙළ දක්වා නොමිලේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබාදීමට කැලණිය පට්ටියහන්දියේ නැණමල් ආයතනය සමඟ එක්ව පට්ටිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මාශ්‍රමය කටයුතු යොදා ඇත.

පවුලේ සිව්වැනි දරුවාගේ භාරකාරිත්වය පන්සල මඟින් භාරගෙන අධ්‍යාපනය දෙමින් රැක බලා ගැනීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට යයි.