Print this Article


පන්සලෙන් ගමට ඔසු උයන්

පන්සලෙන් ගමට ඔසු උයන්

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව දිවයින පුරා එළවළු, පලතුරු, වගා කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ‘පන්සලෙන් ගමට’ වැඩ පිළිවෙළ යටතේ සෑම පන්සලකම ඔසු උයන් බිහිකිරීමේ නව වැඩසටහනක් ඇරඹේ.

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකාරක ‘පන්සලෙන් ගමට’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ශාස්ත්‍රවේදී කොටපොළ මංගල හිමියන් ගේ හා ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමියන්ගේ අනුදැනුමින් කනංකේ හිඟුරු පන්නල විහාරස්ථාන භූමියෙන් පළමු ඔසු උයන ඇරඹීමට කටයුතු යොදාගෙන යයි.

අතීතයේ මෙරටේ දේශීය ඖෂධ වගාකිරීම බහුල වශයෙන් සිදු කෙරුණු නමුත් අද එය සීමාසහිත වීමෙන් දේශීය වෙදකමට වැදී ඇති මරු පහර ගැන ජනතාව හා පාසල් දරුවන් දැනුවත් කරලීමට විශේෂ වැඩපිළිවෙළක් ඇරඹීමට අවධානය යොමුව ඇතැයි බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

මාතර දිස්ත්‍රික්කයේ පන්සල් බිම් 50 ක් පමණ දැනට මේ සඳහා තෝරාගෙන ඇති අතර අක්කර කාලකට ආසන්න ඉඩම්වල ඖෂධ වගාකිරීමට ආධාර දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි උන්වහන්සේ පවසති.