Print this Article


කඩවත අභයදාන පින්කමක්

කඩවත අභයදාන පින්කමක්

කඩවත දෛවය ජ්‍යෙතිෂ කාර්යාලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අභයදාන පින්කම 19 වැනි වරටත් පෙබරවාරි 04 වැනිදා සවස 2.00 ට කඩවත ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙයි.

මෙවරත් ගවයින් 20 කට අධික සංඛ්‍යාවක් මරණයෙන් නිදහස් කර ගන්නා අතර ආබාධිත අයට උපකරණ පිරිනැමීම ද සිදු කෙරේ. ආබාධිත උපකරණ අවශ්‍ය කඩවතට ආසන්නයේ සිටින අයගේ ඉල්ලීම් ගැන විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

බිම්බාරාමාධිපති හුරිගස්වැවේ සද්ධාවාස හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන එම පින්කමට මහර ප්‍රාදේශීය සභාපති දේශබන්දු සහන් ප්‍රදීප් විතාන මහතාගේ සහයෝගය ලැබේ.